Latest Articles
Search

වැඩිවෙච්ච ලයිට් බිල මට ගෙවන්නත් බෑ. මම ගෙවන්නෙත් නෑ. විදුලි බිල නොගෙවීමේ ජාතික ව්‍යාපාරයක් අපි පටන් ගන්නවා

298

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සහ මහා සංඝරත්නය එක්වී ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.

Advertisement

ඒ වැඩි කළ විදුලි බිලට එරෙහිවය. විරෝධතාවය සදහා බෝධිරාජ ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලා සහභාගී විය. විරෝධතාවයෙන් අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් විසින් මාධ්‍යයට අදහස් දක්වන ලදී.

Advertisement

එහිදී ඕමල්පේ හිමියන් කියා සිටියේ, ඉතාමත් අසාධාරණ ආකාරයෙන් මේ වන විට විදුලි බිල වැඩිවී ඇති බවත් කිසිසේත් එම විදුලි බිල්  ගෙවීමට තමන්ට හැකියාවක් නැති බවත් කෙසේවත් ගෙවන්නේද නැති බවත් කීය.

Advertisement

දැන් එංගලන්තයේත් අසීමිත ලෙස විදුලි බිල වැඩි කරල, ඒ රටේ ජනතාව එකාමෙන් නැගිටී සිටිනව පෙත්සම් අත්සන් කරනව ලක්ෂගනනින්. දැන් කවුරුත් විදුලි බිල ගෙවන්නේ නැහැ. මේ දේද ලංකාවේ කරගන්න ඕන. බිල නොගෙවීමේ මහා වැඩපිලිවෙළක් ගාන්ධික්‍රමයේ වැඩ පිළිවෙ ලක් අපි ඉතාමක් ඉක්මනින් පටන් ගන්නවා. ඒ දේ කරගන්නද මේ ආණ්ඩුවට අවශ්‍ය ඒ දේ කරගන්න ඉඩ හරින්න එපා.

Advertisement

විදුලි බල මණ්ඩලය ආගමික මද්‍යස්ථාන වලට දඩ ගහනව. පොඩි ප්‍රමාණයකින් නෙවෙයි සියයට පන්සියයක්. මේ වෙලාවේ මේ විදුලි බිල් අපිට ගෙවන්න නැහැ, ගෙවන්න බැහැ, ගෙවන්නේ නැහැ. මේ අවස්ථාවේදී කිසිම භේදයකින් තොරව පන්සල් පල්ලි කෝවිල් හා අනෙකුත් සියලු ආගමික ස්ථානවල නායකයන් එකතු විය යුතුයි. එකතුවෙලා මේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අපි නැගී සිටිය යුතුයි. විරෝධය ප්‍රකාශ කල යුතුයි.

Advertisement

අපිට සිද්ධවෙනව ආගමක කටයුතු සිදු කරනවිට පොල්තෙල් පහන් ඉටි පන්දම් පත්තු කරගෙන කටයුතු කරන්න. මේ ආණ්ඩුව හදන්නේ ආගමික වතාවත් වලින් ජනතාව ඉවත් කරන්නද? දැන් මේ පොඩි හාමුරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහන් පත්තු කරගෙන ඉටි පන්දම් පත්තු කරගෙන කරන්න වෙන්නේ. එහෙම කරන්න බැහැ. රටේ ජනාධිපති වරයාට වගකීමක් තියෙනවා මේ වගේ වැඩ කරල විදුලිබල මණ්ඩලයේ අලාබ පියව ගන්න බැහැ. මේ රටේ ජාතික ධනය හොරකම්කල පිරිසගෙන් ඒ ධනය නැවත අරගෙන මේ අලාබ පියවන්න. එහෙම නැතිව මේ පොඩිහාමුදුරුවන්ගේ ඉදල අපි සියලු දෙනාට දඩ ගහල හරියන්නේ නැහැ.

Advertisement

අදෘෂමාණ හස්තයකින් මේ ආණ්ඩුව ආගම් විරෝධීව කටයුකු කරන ආණ්ඩුවක්ද? යුක්තිය හා සාධාරණය පිලිබදව අල්පමාත්‍රයකවත් තියෙනව නම් මේ ජනතාව මත ඇති බර විදුලි බිල වහාම අඩු කරන්න. අයවැය හිගය පියවා ගැනීම සදහා හොරකම් කල ධනය නැවත මහාභාණ්ඩාගාරයට ලබාගන්න පිට දඩ ගහන්නේ නැතිව.

Advertisement

Source : Mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *