Latest Articles
Search

දෙවන විවාහ සංවත්සරය සමරන අපේ දස්සා හෙවත් දසුන් ශානක

278

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්, පන්දු යවන්නෙක් මෙන්ම පන්දු රකින්නෙක් තමයි දසුන් ශානක කියන්නේ. . ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකයා විදිහට කටයුතු කරන මේ තුන් ඉරියව් ක්‍රීඩකයාව බොහෝ දෙනෙක් හදුනන්නේ දස්සා කියන නමින්. ඉතින් ක්‍රීඩා ජීවිතයයි පවුල් ජීවිතයයි දෙකම සාර්ථකව පවත්වාගෙන යන ඔහු විවාහ වෙලා ඉන්නේ චෙවන්ති පෙරේරා කියන සුරූපී තරුණිය සමඟයි.

Advertisement

අද එම දෙපල ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය සමරනවා. දසුන් ගැන ආදරණිය බිරිද කියන්නේ මෙහෙම කතාවක්.

Advertisement

දසුන් ක්‍රීඩකයෙක් විදිහට නිවුණු චරිතයක් වුණාට ගෙදරදි නම් ටිකක් විතර සැරයි කියලයි . මොකද ක්‍රීඩකයෙක් විදිහට එයා කරන්නේ එක භූමිකාවක් වුනාට ගෙදරදි සැමියා විදිහට කරන්නේ තව භූමිකාවක් නිසා. ඉතින් ඒ භූමිකාව ඇතුළේ දසුන් පොඩ්ඩක් විතර සැර වුනාට ගොඩාක් හොඳයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහු කාර්යබහුල නිසා සමහර වෙලාවට ඇයට ලොකු පාළුවක් දැනෙනවාලු. ඒත් ඔහු රට වෙනුවෙන් නේද සෙල්ලම් කරන්නේ කියලා හිතුණාම ඒ පාළුව නැතිවෙලා අහිංසක ආඩම්බරයක් හිතට එනවා කියලයි ඇය කියන්නේ.

Advertisement

ඉතින් අද දෙවන විවාහ සංවත්සරය සමරන මේ ආදරණිය දෙපලට අපිත් සුභ පතමු.

Advertisement

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *