රටේ මූලික ප්‍රශ්න විසඳීමට ජනපති සමත් වුණා

118

ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (22) පැවසීය.

Advertisement

රටේ සෙසු ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳා රට ශක්තිමත්ව ගොඩ නැගීමට අවශ්‍ය වැඩපිළිවෙල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Advertisement

බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Advertisement

රට ගොඩනැගීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට පක්ෂ විපක්ෂ සියළු දෙනාට ආරාධනා කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Advertisement

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පැමිණෙන දේශපාලන නියෝජිතයන් ධනාත්මකව  අදහස් දක්වා එළියට ගොස් එය විවේචනය කරන බවත් අබේගුණවර්ධන මහතා පැවසීය.

Advertisement

රටේ පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වී වැඩ කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බැවින් පක්ෂ විපක්ෂ භේද පසෙකලා සියලු දෙනාම එක්වී වැඩ කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.

Advertisement

Source:Lankadeepa

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *