Latest Articles
Search

දිස්ත්‍රික්ක 5ක ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කෙරේ

93

තවත් ප්‍රෙදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Advertisement

ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයට අයත් රත්මැටිය ග්‍රාම නිලධාරි වසම හුදකලා කර තිබේ.

Advertisement

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත, නාරම්පිටිය, පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම් සහ බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Advertisement

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම ද මේ මොහෙතේ සිට හුදකලා කර තිබේ.

Advertisement

ඊට අමතරව මඩකලපුව, මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Advertisement

එමෙන්ම වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *