Latest Articles
Search

කල් දැමූ LPL දෙසැම්බර් 06 සිට – 23 තෙක්

145

එළඹෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා පෙර සූදානමක් ලෙසින් කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවාර 20 තරගාවලිය ගැන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ දී පැවැත්වුණා.

Advertisement

ඒ තරගාවලියට එක්වන සිව් කණ්ඩායම් නායකයින්ගේ සහභාගිත්වයෙන්.

Advertisement

කල්දමන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 තරගාවලිය ලබන දෙසැම්බර් මස 6 වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

Advertisement

මේ අතර තරගාවලිය අරඹමින් පැවති තරගයෙන් ග්‍රේස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරන්නට රෙඩ්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

Advertisement

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්‍රේස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 120ක් පමණයි.

Advertisement

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 121කේ සීමාව පසුකර ගියේ පන්දුවාර 16යි පන්දු 5ක දී.

Advertisement

ඒ කඩුලු 4ක් පමණක් බිඳවැටෙමින්.

Advertisement

මේ අතර දසුන් ශානක නායකත්වය දරණ ග්‍රීන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 32ක ජයක් වාර්තා කරන්නට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

Advertisement

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්‍රීන්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 90ක් පමණයි.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *