Latest Articles
Search

ගාලුමුවදොර අරගලකරුවන් ඉවත් වෙයි

190
දින 124 කට පසුව ගාලුමුවදොර අරගලකරුවන් අද එම භූමියෙන් ඉවත් වුණා.

Advertisement

ඒ ආණ්ඩුවට එරෙහිව සම්මුතීන් 7ක් යටතේ කටයුතු කරන බව පවසමින්.

Advertisement

මේ අතර, ගාලු‍ මුවදොර අරගල භූමියෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස පොලීසිය කළ දැනුම්දීමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ රීට් පෙත්සම් 4 අද ඉවත් කර ගැනුණා.

Advertisement

මේ අතර කොම්පඤ්ඤවීදීය පොලිසියේ පෙනී සිටින ලෙසට නිකුත් කර තිබූ අධිකරණ නියෝගයක් මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් අද කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණියා.

Advertisement

එසේම, අරගලයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ තරුණයන් පිරිසක් නව ජනතා පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවුණා.

Advertisement

Source:Hirunews

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *