Latest Articles
Search

හිසකෙස් ගැලවෙනවාට විසදුම් මෙන්න

125

ලංකාවේ කාන්තාවන් බහුතරේකට මෙම ගැටලුව තිබෙනවා. බොහෝ දෙනෙක් එයට නිසි හේතුව නොදන්නා නිසා රූපලාවණ්ය වේදීන් වෙතට ගිහින් බාහිර සත්කාර කරනවා. බොහෝ විට මුදල් වැය වීම හැර අපේක්ෂිත ප්රතිපල නම් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අද හිතුවා හිසකෙස් ගැලවීමට හේතු වන ප්රධාන කරුණු 10 ක් සහ ඒවාට පිළියම් ගැන ඔයාලව දැණුමත් කරන්න.

Advertisement

ඔබ විසින් ලබා ගන්නා ඇතැම් ඖශධ වර්ග

ලෙඩ රෝග සඳහා ඔබ ලබා ගන්න බෙහෙත් වර්ග වල අතුරු ප්රතිපලයක් ලෙස හිසකෙස් ගැලවී යාම දක්නට ලැබෙනවා. එවැනි අවස්තාවක ඔබ විසින් කළ යුත්තේ වහාම වෛද්ය වරයා හමුවී මේ ගැන දැණුමත් කිරීමයි. වෛද්ය වරයා විසින් ඒ වෙනුවට වෙනත් බෙහෙතක් හෝ අතුරු ප්රතිපල අවම වන සත්කාරයක් ඔබට ලබා දෙනවා.

Advertisement

ජානමය සාධක

හිසකෙස් වැඩියෙන් ගැලවී යාමේ බොහෝ විට හේතුව වෙන්නේ ජානමය සාධක. මවගෙන් සහ පියාගෙන් දෙදෙනාගෙන්ම මෙම තත්වය පැමිණිය හැකියි. ඔබේ දෙමාපියන්ට මේ ගැටලුව තිබෙනවා නම් ඔබටත් මෙය ඇතිවිය හැකියි. ඔබ කළ යුත්තේ මේ තත්වය ඇතිවීමට පෙර සිටම හොඳ සෞක්යය සම්පන්න ආහාර වේලකට සහ නිරෝගී ජීවන රටාවකට හුරු වීමයි.

Advertisement

දැඩි උණුසුම

ලංකාව වගේ සමක ආසන්න රටක ඉස්සෙල්ලම ඉර එලියට ලක් වෙන්නේ ඔබේ හිසකෙස් තමයි. ඉතින් ඔබ කරන්න ඕනේ හැකි තරම් අවුවේ යන එක අවම කිරීමයි. අවුවේ යන්න සිදු වුනත් තොප්පියක් පැළඳීම හෝ කුඩයක් ගෙන යාම කළ හැකියි.

Advertisement

හෝර්මෝන අසමතුලිතතා

ශරීරයේ හෝර්මෝන සමතුලිතය බිඳ වැටෙද්දී ඇතිවෙන ලක්ෂණයක් තමයි හිසකෙස් ගැලවී යාම. කාන්තාවන්ගේ ආර්තවාහරණය සමග, අන්තරාසර්ඝ ග්රන්ථි වල ඇතිවන ගැටළු සමග ( endocrine disorders) හෝ දියවැඩියා රෝගය නිසා හිසකෙස් ගැලවී යාම සිදු විය හැකිය. ඔබ කළ යුත්තේ හැකි ඉක්මනින් නිර්නාල ග්රන්ථි පිලිබඳ විශේසඥ වෛද්ය වරයෙක් හමු වීමයි. ( endocrinologist )

Advertisement

වෛද්ය උපදෙස් වලින් තොරව ආහාර පාලනය

දැන් කාලේ බොහෝ දෙනෙක්ගේ විලාසිතාව්ක තමයි නිසි වග විභාගයකින් තොරව ආහාර පාලනය කිරීම. ඉතා කෙටි කලින් බර අඩු කරන්න ආහාර ගැනීම කපා හරිද්දී සිරුර දැඩි ලෙස පීඩනයට ලක් වෙලා ප්රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙනවා. එවිට හිසකෙස් ගැලවී යාම සිදු විය හැකියි. ඊටත් වඩා ඔබට ලෙඩක් දුකක් හැදුනොත් මාරාන්තික අනතුරකට ඔබ වැටෙනවා. එම නිසා වෛද්ය උපදෙස් වලින් තොරව ආහාර පාලනය කරන්න එපා. ඔබ කළ යුත්තේ දිනපතා හොඳින් ව්යායාම වල නිරත වීමයි.

Advertisement

දැඩි මානසික පීඩනය

වර්තමාන ජීවන රටාව එක්ක බැඳුන මානසික පීඩනය නිසා ඔබේ හිස කෙස් ගැලවී යා හැකිය. හිස් කබලේ රුධිර සංසරණයට බාධා කිරීමට මානසික පීඩනය සමත් වෙනවා. ඔබ කළ යුත්තේ මානසික පීඩනය අවම වෙන ක්රියාකාරකම් වල යෙදීමෙන් සිත නිදහස් කර ගැනීමයි. ඔබේ මානසික පීඩනය ඔබට පාලනය කර ගත නොහැකි මට්ටමකට එනවා නම් හොඳම දේ තමයි පිළිගත් මානසික සෞක්ය වුර්තිකයෙක් ගේ උපකාරය පැතීමයි.

Advertisement

රක්ත හීනතාවය

ශ්‍රී ලංකාවේ කාන්තාවන් බහුතරයකට තිබෙන ගැටළුවක් තමයි මේ රුධිරයේ හිමොග්ලොබින් අඩුවීමේ තත්වය. ඉතින් හිස් කබලට නිසි ලෙස රුධිරය සංසරණය නොවෙද්දී කෙස් හැලී යනවා. මේ තත්වය රූපාලංකාරය සඳහා වගේම ඔබේ සෞඛ්යය ගැනත් දැඩිව බලපෑම් එක්ක කරනවා. ඒ නිසා මේ තත්වයට පිළියම් යෙදීම අත්යවශ්යයි.

Advertisement

ඔබටත් හිසකෙස් ගැලවීම එක්ක දැඩි වෙහෙසක්, නිදිමත බවක් දැනෙනවා නම් හොඳම දේ වෛද්ය වරයෙක් හමු වෙලා රුධිර පරීක්ෂාවක් කර ගැනීමයි. රක්තහීනතාවය තිබෙනවා නම් වෛද්ය වරයා විසින් යකඩ අඩංගු විටමින් ලබා දෙන අතර ඔබට ඔබගේ ආහාරයට යකඩ බහුල ආහාර එකතු කර ගැනීමෙන් මේ තත්වය සමනය කර ගැනීම කළ හැකිය. (මස්, මාළු, බිත්තර, නිවිති කොළ , දෙළුම් වගේ පලතුරු )

Advertisement

විටමින් ඌනථාවය

විටමින් සහ ක්ෂුද්ර පෝෂක ඌනථාවය හිසකෙස් ගැලවී යාමට මූලිකම හේතුවක් ලෙස දැක්වේ. විශේෂයෙන්ම යකඩ ජීරණය කිරීමෙන් කෝලජන් නිෂ්පාදනය කිරීමට හේතු වන විටමින් C ඌනථාවය හිසකෙස් ගැලවී යාමට හේතුවක් වෙනවා. ( කොලජන් මගින් හිසකෙස් මුල ශක්තිමත් කරනවා) එමෙන්ම විටමින් B සංකීර්ණයේ ඌනථාවය නිසා හිසකෙස් දුබල වෙනවා.

Advertisement

මේ ගැන ඔබට කළ හැක්කේ කුමක්ද? විටමින් C, B සහ අනෙකුත් ක්ෂුද්ර පෝෂක අඩංගු ආහාර බහුලව ලබා ගැනීමෙන් මේ තත්වය අවම වේ. ඔබගේ වෛද්ය වරයා හමුවී පෝෂණ අතිරේකයක් ලබා ගැනීමෙන් මෙම ගැටලුව පහසුවෙන් විසඳිය හැකිය.

Advertisement

හිස් කබලේ හටගන්නා රෝග

Psoriasis , seborrheic dermatitis සහ හිස්කබලේ හටගන්නා දිලීර ආසාධන (dermatophytosis) නිසා හිසකෙස් ගැලවී යා හැක.

Advertisement

හිසකෙස් ගැලවී යාමට අමතරව කැසීම, හිස් කබල රතු වීම වැනි රෝග ලක්ෂණ තිබේ නම් හැකි ඉක්මනින් වෛද්ය වරයෙක් හමු වන්න.

Advertisement

ඔබේ වැරදි අඩුපාඩු

ඔබ විසින් වැරදි ලෙස කරන හිසකෙස් සත්කාර සහ බාල ගනයේ නිෂ්පාදන මගින් යහපතකට වඩා අයහපතක් හිසකෙස් වලට කරනු ලැබේ.මිල අඩු බාල , අහිතකර නිෂ්පාදන යොදා කේශ අලංකරණ කටයුතු කිරීම සහ නිතර නිතර කොණ්ඩය අයන් කිරීම මගින් හිසකෙස් ගැලවීම සිදු විය හැකිය.

Advertisement

ඔබ චර්ම රෝග සම්බන්ධ වෛද්ය වරයෙක් හමු වී ඔබේ සමට සහ හිසකෙස් වලට ගැලපෙන නිෂ්පාදන නිර්දේශ කරවාගන්න.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *