Latest Articles
Search

ඔබ නොදන්න මුලුතැන්ගෙයි රහස් රැසක් මෙන්න.

187

මුලුතැන්ගෙයි කාන්තාවන් ඉතා වැඩි කාලයක් ගත කරනවා. ඇත්තටම මේක් කාන්තාවන්ගේ අනික් එදිනෙදා කටයුතු වලටත් විශාල ලෙස බලපානවා වගේම, තමන් ආස කරන මොනයම් හෝ දෙයක් වෙනුවෙන් වැය කරන්න කාලයකුත් කාන්තාවට නැතිව යනවා. මේ විදියට වැඩියෙන් වෙලාව වැයවෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අසංවිධානාත්මක බව. උයන්න යන්නෙ මොනවද කියල කලින් තීරණය කරා නම්, තුනපහ, මිරිස්,ලූණු ආදිය තියන තැන් තමන් හරියටම දන්නව නම් වගේම ළඟක තියෙනවා නම් වගේ සරල සංවිධානාත්මක කටයුතු කිහිපයකින් මේ අනවශ්‍ය වේලාව නාස්තිය අඩු කරගැනීමේ හැකියාව තියෙනවා.

Advertisement

අද ඔබවෙත ගෙන එන්නේ මුලුතැන් ගෙයි භාවිතා කරන්න පුලුවන්, පහසු රහස් ක්‍රම කීපයක්.

Advertisement

ඉවුම් පිහුම් වලට

Advertisement

1. එළවලු ඇට ඉක්මනින් ඉවත් කරගන්න

Advertisement

පිපිඥ්ඥා, සුචිනි, පතෝල, කැකිරි, වට්ටක්කා ආදී එළවලු වල ඇට ඉවත් කර ගන්න අයිස්ක්‍රීම් හැන්දක් භාවිතා කරන්න. අයිස්ක්‍රීම් හැන්දේ තියුණු කෙළවර නිසාත් හැඩය නිසාත් ඉතා ඉක්මනින් ඇට ඉවත් කර ගන්න පුලුවන්.

Advertisement

2. පිසූ කෑම වල අමතර මේදය ඉවත් කරගන්න

Advertisement

ඔබ උයපු මොන වර්ගයක හෝ කෑමක් ඉදිලා ඉවර වෙනකොට අනවශ්‍ය ලෙස තෙල් මතුවෙලා තියෙනවා නම් ඒ තෙල් ඉවත් කරගන්න ඔබට කරන්න තියෙන්නේ පේපර් ටවල් එකක අයිස් කැට කිහිපයක් ඔතලා තෙල් සහිත මතුපිටේ ගෑවෙන නොගෑවෙන සේ එය කිහිපවරක් රැගෙන යාමයි. අයිස් කැට කාන්දමක් මෙන් ක්‍රියාකරමින් අමතර තෙල් කොටස් ඒ වෙත උරා ගන්නවා.

Advertisement

3. ප්ලාස්ටික් රැප් නිවැරදිව භාවිතා කරන්න

Advertisement

දැන් දැන් අපේ ආහාර පුරුදු ගෝලිය ආහාර පුරුදු එක්ක මිශ්‍ර වෙන නිසා බටහිර ක්‍රම ගොඩක් අපේ කුස්සියටම ඇවිල්ලා. ඔබත් ප්ලාස්ටික් රැප් භාවිතා කරනවා නම්, හරියට රැප් එක භාවිතා කරන්න අපහසු නම්, රැප් රෝල ශීතකරණයේ තබා තියන්න. ප්‍රසිද්ධ කෝකියන් භාවිතා කරන්නේ මේ ක්‍රමයයි.

Advertisement

4. දොඩම්, නාරං වර්ග ලේසියෙන් පොතු අරින්න

Advertisement

නාරං හෝ දොඩම් ලෙලි අරින එක නම් හැබෑම ප්‍රශ්නයක් තමයි. එක්කො ලස්සනට තියාගෙන ඉන්න නියපොතු ටික සවුත්තු වෙනවා, නැත්නම් ඇගේ විසිවෙනවා. නාරං හෝ දොඩම් ගෙඩිය ලෙලි අරින්න කලින් තප්පර 20ක් පමණ මයික්‍රොවේව් කරගන්න. එතකොට ලේසියෙන්ම පොත්ත ගැලවෙනවා.

Advertisement

5. තැම්බූ බිත්තර පහසුවෙන් පොතු ඇර ගන්න

Advertisement

ඔබ බිත්තර තම්බන වතුර එකට සෝඩා හෝ විනාකිරි ටිකක් එකතු කරගත්තොත් ඉතාම පහසුවෙන් බිත්තරය පොතු ඇර ගන්න පුලුවන්.

Advertisement

6. පැඟිරි පළතුරු වලින් වැඩිපුර යුෂ ලබාගන්න

Advertisement

පැඟිරි පලතුරු වලින් වැඩිපුර යුෂ ගන්න ඒවා මුලින් ශීතකරණයේ ශීත වෙන්න තියලා ඉන්පසුව තත්පර 10-15ක් පමණ මයික්‍රොවේව් කරගන්න.

Advertisement

7. මෘදු චීස් වර්ග ග්‍රේට් කරගන්න

Advertisement

පීට්සා වගේ ආහාර වර්ග හදනකොට චීස් ග්‍රේට් කරගන්න අවශ්‍ය වෙනවා. ඝනකම චීස් වර්ග නම් ග්‍රේට් කරන එක ප්‍රශ්නයක් නැහැ, නමුත් මෘදු චීස් වර්ග ග්‍රේට් කරනකොට පොඩි වෙනවා. එවැනි චීස් ග්‍රේට් කරන්න කලින්පැය භාගයක් ශීහකරන්‍යේ දාලා ශීත කරගන්න.

Advertisement

8. අඬන්නෙ නැතුව ලූණු කපන්න

Advertisement

ලූණු කපනකොට කඳුලු එනව නම් කපන්න පැය භාගයකට කලින් සිට ලූණු ශීතකරණයේ ෆ්‍රීසර් එකේ තියලා ගන්න. නමුත් ඔබ ලූණු පිසිනවා නම් පමණක් මෙය කරන්න. ඔබ ලූණු භාවිතා කරන්න යන්නෙ සැලඩ් එකක් වැනි දේකට අමුවෙන් නම් මේ ක්‍රමය කරන්න එපා, ඒකෙන් ලූණු වල හැපෙන ගතිය නැති වෙනවා.

Advertisement

9. පැස්ටා/නූඩ්ල්ස් හදන විට වතුර එක උතුරා යන එක නවත්වන්න

Advertisement

පැස්ටා හෝ නූඩ්ල්ස් උතුරන වතුරට දාගත් පසු ඔබට ඒ දිහා බලාගෙනම ඉන්න විදියක් නැත්නම් ඔබේ ලී හැන්දක් භාජනය උඩින් තියන්න. ලී හැන්ද මගින් එය උතු‍රා යන එක වලක්වනවා.

Advertisement

10. චිකන් රෝස්ට් කරනකොට

Advertisement

සම්පූර්ණ කුකුළෙක් රෝස් කරන අවස්ථවක පපුව පැත්ත යටට සිටින සේ තියලා රෝස් කරගන්න. මොකද පපුව කොටසේ තමයි වැඩියෙන් මස් තියෙන්නෙ, මේ ක්‍රමයට ඉක්මණින් කුකුලා රෝස් කරගන්න පුලුවන්.

Advertisement

11. කප් කේක් වලට පාච්මන්ට් කොළ

Advertisement

සාමන්‍යෙන් කප් කේක් හදනකොට අපි ඒකට සුවිශේෂි කොළ භාවිතා කරනවා. නමුත් ඔබට හදිස්සියකදී මේ කොළ නැතිනම්, ඔබට ඒ වෙනුවට පාච්මන්ට් කොළ භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම ඔයිල් පේපර්ස් හෝ ඒවත් නැත්නම් හාෆ්ශීට් වල බටර් ගාලා වුණත් භාවිතා කරන්න පුලුවන්.

Advertisement

12.බේකරි කෑම රත් කරන හරි ක්‍රමය

Advertisement

බේකරි ආහාරයක් මයික්‍රොවේව් එකෙන් රත් කරන කොට ඒකත් එක්කම වතුර කෝප්පයකුත් තියන්න. එතකොට බේකරි ආහාරය වේලිලා යන්නෙ නෑ.

Advertisement

13. තෙල් නැතුව බිත්තර ෆ්‍රයි කරගන්න

Advertisement

බිත්තර ෆ්‍රයි කරන්න නම් හදන්නෙ, බිත්තර කඩලා පෑන් එකට දාලා, ඒක ලිපෙන් තියලා හෙමීට පැත්තකට වතුර ටිකක් වත්කරගන්න. තෙල් අවශ්‍ය වෙන්නෙ නෑ වගේම කහමදය මෘදුව තියාගන්නත් පුලුවන්.

Advertisement

‌ගබඩා කරන කොට

Advertisement

‌14. ඖෂධීය ශාක වර්ග

Advertisement

පාස්ලි, මින්ට් වගේ ආහාර උයන්න ගන්න රසකාරක කොළවර්ග වල විටමින් ආරක්ෂා වෙන පරිදි තියාගන්න වතුර වල හෝ ඔලිව් තෙල් වල දාලා ෆ්‍රීස් කරගන්න.

Advertisement

15. ඇට වර්ග කල් තියා ගන්න

Advertisement

රටකජු, ආමන්ඩ්, කජු ආදී ඇට වර්ග වල පෝෂක කොටස් නොනැසී රසවත්ව හා සුවඳවත්ව තියාගන්න, සීල් බඳුනක දාලා ෆ්‍රීසර් එකේ තියන්න.

Advertisement

පිරිසිදු කරනකොට

Advertisement

16. යකඩ පෑන් එකක් සෝදනකොට

Advertisement

සාමාන්‍ය යකඩ වලින් හැදූ පෑන් එකකට සාමාන්‍ය සේදුම්කාරක දාන්න එපා, එවිට එය මල බැඳෙනවා වැඩි වෙන්න පුලුවන්. එය සේදීමට ලුණු භාවිතා කරන්න.

Advertisement

17. අත් වල දුඟද ඉවත් කරගන්න

Advertisement

ලූණු, සුදු ලූණු ආදී සැර ගන්ධ‍යන් තියෙන දේවල් කපලා උයලා පිහල ඉවර වෙනකොට අත් දෙකෙන් දුඟඳක් වහනය වෙන්න පුලුවන්. ඔබේ අත්වල ලෙමන් යුෂ හෝ ලුණු ගාලා හොඳින් අතුල්ලලා සෝදා හරින්න.

Advertisement

18. කුස්සියේ ලෝහ බඳුන් තිබ්බා වගේ දීප්තිමත් කරගන්න

Advertisement

ඔබේ කුස්සියේ ස්ටේන්ලස් ස්ටීල් බඳුන් වලට අලුතෙන් ගෙනාවා වගේ දීප්තියක් ලබා දෙන්න, එය සෝදන හෝ පිහදාන වතුරට විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කරන්න.

Advertisement

19. ලී හැඳි පිරිසිදු කරන්න

Advertisement

ලී හැඳි කාලයක් යද්දි අවර්ණ වෙනවා වගේම නරක ගඳකුත් ඇති වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යෙන් මේවා විසිකරලා දාන එකයි කරන්නෙ. නමුත් මේ ලී හැඳි වතුර භාජනයක දාලා උතුරවලා අව්වේ වේලා ගත්තොත් අලුතෙන් ගෙනාවා වගේ තවත් දිගු කාලයක් භාවිතා කරන්න පුලුවන්.

Advertisement

20. ලී චොපින් බෝඩ් එකක් පිරිසිදු කරන හරි ක්‍රමය

Advertisement

‌චොපින් බෝඩ් එක උඩ තියලා අපි ලූණු, සුදුලූනු, එළවලු, මාළු ආදී නානාප්‍රකාර දේවල් කපනවානේ. ඉතින් එය ඉක්මනින් දුඟදක් ඇති කරන එක පුදුමයක් නෙවෙයි. මේක මුලුමනින් ඉවත් කරගන්න, චොපින් බෝඩ් එකේ ලුණු ගාලා ටිකක් වෙලා තියලා දෙහි බෑයකින් ඒක පිහදාලා යවන්න. ඉන්පස්සෙ එහෙමම වේලෙන්න තියන්න.

Advertisement

21. රෙසිපි පොත් කිළිටු නොවී තියාගන්න

Advertisement

ඔබ රෙසිපි බලාගෙන උයන කෙනෙක් නම්, ඔබ ආස කරන රෙසිපි පොත් කුස්සියේදි ඉක්මණින් සවුත්තු වෙන්න පුලුවන්. මේක නවත්වා ගන්න සාමාන්‍ය ක්ලිප් සහිත හැන්ගර් එකක පොත් එල්ලාගන්න.

Advertisement

රැජිනිය ඇසුරෙන්

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *