Latest Articles
Search

තෙල් මිල අද අඩුවන ලකුණු

184
ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය හෙවත් කිව් ආර් ක්‍රමවේදය අද (01) සිට දිවයින පුරා පිරවුම්හල්වල ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

Advertisement

එමෙන්ම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1,140 ක් මෙම ක්‍රමය සමඟ අනුගත වී එය තාක්ෂණිකව අත්හදා බලා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Advertisement

ඊයේ දිනයේ පමණක් පිරවුම්හල් 702 ක මෙම ක්‍රමය භාවිත කරමින් ඉන්ධන නිකුත් කර තිබුණා.

Advertisement

කිව් ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීමට ඊයේ රාත්‍රි අට පමණ වනවිට වාහන මිලියන පහක් ලියාපදිංචි වී තිබූ බවයි විෂයභාර අමාත්‍යාංශය සඳහන් කළේ.

Advertisement

මේ අතර අද සිට කිව් ආර් කේතයේ සඳහන් අංකය සහ වාහන අංක තහඩුවේ සඳහන් අංකය පරීක්ෂාවට ලක් කිරීමෙන් පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සියලු පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර තිබුණා.

Advertisement

එමෙන්ම තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව ලබාගැනීමට සතියක කාලයක් පවතින බැවින් අද දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනීමට උත්සාහ නොකරන ලෙස බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Advertisement

එමෙන්ම නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම අලෙවි කිරීම හෝ ඉන්ධන ලබාදීමේදී නිකුත් කර ඇති උපදෙස් පිළිනොපදින පිරවුම්හල් සහ අදාළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාදීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

Advertisement

ඒවා 0742 123 123 යන අංකයට වට්ස්ඇප් හරහා යොමුකරන ලෙසත්, නැවත නැවත වැරදි කරන්නන් සඳහා කිව් ආර් ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට මෙම සාක්ෂි භාවිත කිරීමටත් කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

Advertisement

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනය කිරීමට නියමිතයි.

Advertisement

සෑම මසකම 1 වනදා සහ 15 වනදා මෙලෙස මිල සංශෝධනය කිරීමටයි රජය මීට පෙර තීරණය කර තිබුණේ.

Advertisement

ඒ අනුව රුපියල් 50 ත් 100 ත් අතර මුදලකින් ඉන්ධන මිල අඩුවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

Advertisement

මේ අතර මුඛ ආවරණ නොපැළඳ පැමිණෙන්නට අද සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න සඳහන් කළා.

Advertisement

මේ අතර මෙම සතියේදීත් දින තුනක් පාසල් පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ.

Advertisement

ඒ අනුව පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන් හි පැවැත්වෙනු ඇති.

Advertisement

ශ්‍රී ලංගම හරහා ලබාදෙන ඉන්ධන පූර්ණ වශයෙන් බස් රථ ධාවනයට ප්‍රමාණවත් නොවන බැවින් අද දිනයේත් පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළ හැක්කේ සියයට 50 ක ධාරිතාවෙන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළා.

Advertisement

ඔහු කියා සිටියේ මේ හේතුවෙන් අද දිනයේත් බස් රථවල තදබදයක් ඇති විය හැකි බවයි. කියා සිටියේ මේ හේතුවෙන් අද දිනයේත් බස් රථවල තදබදයක් ඇති විය හැකි බවයි.

Advertisement
Source:hirunews

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *