Latest Articles
Search

QR ක්‍රමවේදය නොමැති පිරවුම්හල්වලට තෙල් දීමේදී ප්‍රමුඛතාව නැහැ

108

QR ක්‍රමවේදයට මෙතෙක් අනුගත නොවූ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමුඛතාව ලබා නොදෙන බව, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.

Advertisement

එම සංස්ථාව සඳහන් කළේ, අදාළ ක්‍රමවෙදයට කඩිනමින් අවතීර්ණ වන්නැයි, සියලු පිරවුම්හල් වෙත දැනුම් දී ඇති බවයි.

Advertisement

තාක්ෂණික කරුණු මත පදනම්ව මේ වනවිට ඉන්ධන පිරවුම්හල් 50 කට ආසන්න සංඛ්‍යාවකවට QR ක්‍රමවේදයට අවතීර්ණ වීමට නොහැකි වී ඇතැයි, සංස්ථාව පැවසුවේ ය.

Advertisement

අදාළ ගැටලු නිරාකරණය කිරීමට අදාළ මැදිහත්වීම් මේ වන විටත් සිදුකරමින් ඇතැයි, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කළා.

Advertisement

මේ අතර, QR කේත ක්‍රමය හෙවත් ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව හෙට(01) සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Advertisement

එම අමාත්‍යාංශය නිවේදනය කළේ, අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන බවයි.

Advertisement

චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි වාහන භාවිත කරන්නන්ට අද සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි ය.

Advertisement

Source:Newsfirst

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *