අනර්කලීගේ පුංචි බෝනික්කි

371

අනර්කලී ආකර්ෂා. මෙයාට ලංකාවේ හැමෝම ආදරය කරනවා කියලා කිවුවට වරදක් නැහැ. ඉතාමත් නිහතමානී හිත හොද ආදරණිය චරිතයක් තමයි අනර්කලී කියලා කියන්නේ. අනර්කලී කියන්නේ බොහෝ දෙනෙක්ගේ ආදර දිනාගත් චරිතයක්. අනර්කලී විවාහ වෙලා ලංකාවෙන් ගියා. එයා දැන් ඉන්නේ ඇමරිකාවේ.

ඇමරිකාවට ගියාට ලංකාව අමතක කරන්නේ නැහැ එයා. හැම අවුරුද්දකම ලංකාවට එනවා. පසුගිය දවස්වලත් අනර්කලී ලංකාවට ආවා. අනර්කලී දැන් අම්මා කෙනෙක්. එයා වගේම ලස්සන චුටි බෝනික්කියක් වගේ ලස්සන දුවෙක් ඇයට ඉන්නවා. මේ දෙන්නගෙම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැකගන්න ලැබෙනවා. අම්මයි දුවයි එකම ඇදුමෙන් සැරසිලා ගතපු අලුත්ම චායාරූප එකතුවක් මේ වෙද්දී සමාජ මාධ්‍යයට එක් කරලා තියෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *