Latest Articles
Search

ජනාධිපති රනිල් මන්ත්‍රීවරු 225ටම යවපු ලියුම මොකක්ද?

114

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර  තිබෙනවා.

Advertisement

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුළ නිර්මාණය වූ දේශපාලනික හා සමාජීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් කිරීමට රජය මහත් පරීශ්‍රමයක් දරමින් සිටින බවයි.

Advertisement

පවතින අභියෝග ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ජනාධිපතිවරයා පවසනවා.

Advertisement

මේ මොහොතේ ජනතාවගේ අභිප්‍රාය වන්නේද පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔවුන්ගේ මහජන නියෝජිතයින් සියලු දෙනා පොදු වැඩපිළිවෙලක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීමට කටයුතු කරනු ඇති බවයි.

Advertisement

ඒ අනුව ජාතික වගකීම ඉටු කිරීම සඳහා ඉදිරි පියවර පිළිබඳ පුඑල් සංවාදයක් ගොඩ නැගීමට තමන් අදහස් කරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ඔවුන් නියෝජනය කරන පක්ෂයේ එකඟතාවය කඩිනමින් යොමු කරන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

Advertisement

Source:Mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *