Latest Articles
Search

ලංකාව නිසා අමෙරිකාවයි චීනයයි වචන හුවමාරුවක

120

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය විසින් විනිවිද භාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බව USAID ප්‍රධානී සමන්තා පවර් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Advertisement

චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian පවසා ඇත්තේ චීන – ශ්‍රී ලංකා සහයෝගිතාව වෙනුවෙන් කිසිවිටෙක දේශපාලන කොන්දේසි සම්බන්ධ කර නොමැති බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවා ශ්‍රී ලාංකික ජනතාවට දැනෙන ප්‍රතිලාභ ලබා දී ඇති බවත් ශ්‍රී ලංකාවේ විදේශ ණය සංයුතිය විවිධාංගීකරණය වී ඇති බවත් ඔහු පවසනවා. චීනය ආශ්‍රිත ණය ප්‍රතිශතය, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලට වඩා බෙහෙවින් අඩු බවයි චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක පවසන්නේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධනය සඳහා අමෙරිකාව කරන්නේ කුමක්ද යන්න ඔහු ප්‍රශ්න කරනවා.

Advertisement

අමෙරිකාවේ ඒකපාර්ශ්වික ආර්ථික, මූල්‍ය සහ විදේශ ප්‍රතිපත්ති, ලොව පුරා රටවලට කෙතරම් හානියක් කර ඇත්ද යන්න අමෙරිකාවෙන්ම ඇසිය යුතු බව ඔහු සඳහන් කරනවා. චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බොහෝ ණය සහනදායී ස්වභාවයන් අඩු පොලී අනුපාතයක් සහ දිගු කල් පිරෙන ඒවා වන අතර, ඒවා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.

Advertisement

විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ විගසම, චීන මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට මූලිකත්වය ගෙන, කල් පිරෙන චීනය ආශ්‍රිත ණය නිසි ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ශ්‍රී ලංකාවේ වත්මන් දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා ධනාත්මක ආකල්පයක් පෙන්නුම් කළ බවද ප්‍රකාශක Zhao Lijian අවධාරණය කර තිබෙනවා.

Advertisement

එහෙත්, අමෙරිකාව සහ බටහිර ප්‍රාග්ධනය, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම හසුරුවා ඇති බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ණය කීර්තිය සහ මූල්‍යකරණ මාර්ග බරපතළ ලෙස යටපත් කර ඇති බවයි චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

Advertisement

“වර්තමාන දුෂ්කරතා සමඟ සාර්ථකව කටයුතු කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට එක්සත් ජනපදය අවංකවම ශ්‍රී ලංකාවට උදව් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එක්සත් ජනපදය වෙනත් රටවලට දොස් පැවරීමට, මඩ ගැසීමට සහ භූ දේශපාලන ක්‍රීඩා වල නිරත වීමට සෑම අවස්ථාවක්ම භාවිතා නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යි නිත්‍ය මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වෙත Zhao Lijian පවසා තිබෙනවා.

Advertisement

Source:Mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *