Latest Articles
Search

කිලෝ මීටර් 3 තෙල් පෝලිම පැය 3න් ඉවර කරපු නාවලපිටිය ඉන්ධන පිරවුම්හල

167

නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පැය තුනක් ඇතුලත කිලෝමීටර් තුනක් දුරට තිබූ වාහන පෝලිමට පෙට්‍රල් ඉන්ධන නිකුත් කිරිමට ඊයේ (28) දින සමත් වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

Advertisement

ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැදි සිටි පාරිභෝගිකයන්ට ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරිත්වය විසින් ටෝකන්පත් ලබා දී එම ටෝකන්පත් වලට සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කර පසුව ටෝකන්පත් නොමැතිව පෝලිම් වල රැදි සිටි සෙසු වාහන හිමියන්ට ඉන්ධන නිකුත් කිරිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණා.

Advertisement

නාවලපිටිය පොලීසියේ නිලධාරින්ගේ සහයෝගය ඇතිව දිගු වේලාවක් පෝලිම් වල රැදි නොසිට කෙටි කාලයක් තුල එම ඉන්ධන පිරවුම්හලේ කලමණාකරු සහ සේවකයින් පියවර ගැනීම පැසසිය යුතු කරුණක් බවයි ඉන්ධන ලබාගත් පාරිභෝගිකයන් කියා සිටියේ.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *