Latest Articles
Search

පෝලිමෙන් පිට තෙල් ගන්න ගැබිනි කත හය වතාවක් වෙස් මාරු කරලා

247
කිරිඳිවැල නගරයේ ඉන්ධන හලක පෝලීමේ රැඳී නොසිට උපායශීලීව ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට එම සේවකයන්ට හැකි වී තියෙනවා.

මෙසේ පැමිණි කාන්තාවන්ගෙන් එක් අයෙකු විවාහක ගැබිනි කාන්තාවක්. ඇය රෝහලට යෑමට අවශ්‍ය බව පවසා ඇය පැමිණි ත්‍රීරෝද රථයට ප්‍රමුඛතාව ගෙන ඉන්ධන ලබා ගෙන තියෙනවා. එදිනම ඇය විවිධ ආකාරයට ඇඳුම් මාරු කර රූප ස්වභාවය ද වෙනස් කොට 6වරක් පැමිණ ඇති අතර 6වැනි අවස්ථාවේ සේවකයන් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී එකම කාන්තාව බව හඳුනාගෙන තියෙනවා. එම අවස්ථාවේ ඉන්ධන පෝලිමේ රැඳී සිටි පිරිස ද ප්ඇයට දොස් නඟා ඇයට එතැනින් පිටවී යෑමට ඉඩදී තියෙනවා. ඇය මෙසේ පැමිණ තිබුණේ එක් අවස්ථාවකට ත්‍රීවීලර් හිමිකරු විසින් රුපියල් දහස බැගින් ලබා දෙන බවට එකඟතාවයට පැමිණි නිසා බව ද අනාවරණය වී තියෙනවා.

Advertisement

එමෙන්ම ඉන්ධනහලට පැමිණි තවත් කාන්තාවක ගැබිනි බවට පත් වී ඇති බවට හැඟවීමට බඩෙහි කොට්ට දෙකක් බැඳ ගෙන එසේ හඟවමින් ඉන්ධනහලට පැමිණ ඉන්ධන ලබා ගැනීමට සූදානම් වන අවස්ථාවේ එක් කොට්ටයක් ගැලවී ඇති බවට හැඟී ඇති නිසා එය හෙළිවීමට ප්‍රථම එම ස්ථානයෙන් පිටව යෑමට  උත්සහ කිරීමේදී ඉන්ධන හලේ සේවකයන් ඇයට සහාය වීමට එම ස්ථානයට පැමිණ සහාය වීමට උත්සාහ කරන අවස්ථාවේ බඩෙහි බැඳ තිබූ කොට්ටයක් ගැලවී ඇති බව දැක ඇති අතර ඇයට පෝලිමේ සිටි ජනතාව ද දෝෂාරෝපණය කර ඇය ද හරවා යවා තියෙනවා. මෙම  ක්‍රියා හේතුවෙන් මින් ඉදිරියට එවැනි කිසිවෙකුට ඉන්ධන ලබා දීමට කටයුතු නොකරන බවත් සත්‍යතාවය හෙළිවුවහොත් පමණක් තමාගේ පෞද්ගලික වාහනයකින් ළඟම ඇති රෝහලට ගෙන යෑමට කටයුතු කරන බවත් බව එහි කළමනාකරු පැවසුවා. මෙම කාන්තාවන් දෙදෙනාම කිරිඳිවැලට ආසන්න ගම්මාන දෙකක පදිංචි අය බව ද හඳුනාගෙන තියෙනවා.

Advertisement

ජී.එස්.තැලිගම – කිරිඳිවැල සමූහ

Advertisement

Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *