Latest Articles
Search

වතුර පාරේ සැරට ඇඳගෙන හිටපු දියරෙද්ද කඩාගෙන ගිහින්. යෝධ ඇලේ නාන්න ගිහින් මේධා ජයරත්නට වුණු අකරතැබ්බය මෙන්න

558

ටෙලිනාට්‍ය කලාවේ දීර්ග කාලයක් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම තබාගෙන ඉන්න රංගන ශිල්පිනියක් හැටියට මේධා ජයරත්න හඳුන්වන්න පුළුවන්. මේධාට පසුගිය දවසක පොඩි අකරතැබ්බයක් වෙලා තිබුණා.

Advertisement

මේධා ජයරත්න පසුගිය දවස්වල තඹුත්තේගම ප්‍රදේශයේදී ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලයි ඉඳලා තියෙන්නේ. මෙම නාට්‍යයේ එක් රූපගත කිරීමක් තිබිල තියෙන්නෙ යෝධ ඇළේ. එය දිය නාන දර්ශනයක්. රජරට ප්‍රදේශයේ උපන් මේධාට ඇළ, දොළ, ගංගා, වැව්වල පීනලා දිය බුං ගැසීම එතරම් අරුමයක් නෙමෙයි.

Advertisement

රූපගත කිරීමට මත්තෙන් අධ්‍යක්ෂකවරයා මේධාට උපදෙස් මාලාවක් දී තිබෙනවා. එය පිළිගත් මේධා මෙය රූපගත කිරීමේ අභියෝගය භාර ගත්තා.

Advertisement

ගම් ප්‍රදේශයට ආපුවාම දිය රෙද්ද ඇඳගෙන නෑම ජීවිතේ එක් කොටසක් බවයි, දර්ශන තලයේදී හැමෝටම මේධා ජයරත්න සුපුරුදු සිනහව පාමින් කියා ඇත්තේ. කොහොම වෙතත් කලා අධ්‍යක්ෂකවරයා දුන් දිය රෙද්දක් ඇඳගෙන මේධා යෝධ ඇළට බැහැලා තියෙනවා.

Advertisement

ඇළට බැහැලා තප්පර ගානක් යන්නට මත්තෙන් මේධාට තේරිලා තියෙනවා ජල පහර ඉතාම සැරින් ඇදීගෙන එන බව හා ඇගේ ශරීරයද සීතල වී වෙලා ගිහින්.

Advertisement

ජල පහරේ වේගයට ඇය ඇඳගෙන හිටපු දිය රෙද්ද කඩාගෙන ඇළේ ගහගෙන ගියා. දර්ශන තලයේ සිටින සියලූ‍ දෙනා ඈ දෙස බලා සිටින නිසාත් කිසිවක් කර කියාගත නොහැකි වුණු මේධා එකපාරටම ජලයෙන් යටට ගියා.

Advertisement

මෙය දුටු සියලූ‍ දෙනා බිය වී කළ යුතු ඊළඟ දෑ ගැන සිතමින් එහෙට මෙහෙට දුවන්න වෙලා කියලයි ආරංචි. කොහොම වෙතත් ළඟ හිටපු කෙනෙකුගේ තුවායක් තිබිලා මේධාට විසි කරලා තියෙනවා. තුවාය පිහිටෙන් කොහොම හරි මේධා එදා නොකී දෙවිවරුන්ගේත් නම් කියමින් ඇළෙන් ගොඩ වෙලා.

Advertisement

එහි හොඟදම කොටස වන්නේ කලා අධ්‍යක්ෂකවරයාට ඉදිරියට අවශ්‍ය වන දිය රෙද්දක් තමයි දිය නෑමට දීලා තිබෙන්නේ. ඉන් පස්සේ අපිට ආරංචි වුණු විදියට සහාය කලා අධ්‍යක්ෂකවරයෙක් යෝධ ඇළේ පිනා ගොස් දිය රෙද්ද නැවත අරන් ආ බවයි ආරංචිය.

Advertisement

එදායින් පසු මේධා ජයරත්නට ඇළ දොළ දකින හැම විටම තරු පෙනෙනවා කියලයි ආරංචිය.

Advertisement

Source:Hirugossip

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *