Latest Articles
Search

අගමැති පත්කිරීමට එරෙහිව තරුණ අරගලකරුවන් ඉරාක පාර්ලිමේන්තුව වටලයි. ආරක්ෂක අංශ සහාය දෙයි

117

ඉරාකයේ පෙළපාලිකරුවන් දහස් ගණනක් ඉරානයේ පිටුබලය ලබන පක්ෂ විසින් අගමැතිවරයකු පත් කිරීමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා බැග්ඩෑඩ් හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇත.

Advertisement

මෙම විරෝධතා හමුවේ බදාදා දිනයේදී අගනුවර අධි ආරක්ෂිත හරිත කලාපයේ පිහිටි පාර්ලිමේන්තුවේ කිසිදු නීති සම්පාදකයෙකු සිටියේ නැත.

Advertisement

ගොඩනැගිල්ල තුළ ආරක්ෂක හමුදා පමණක් සිටි අතර ඔවුන් විරෝධතාකරුවන්ට පහසුවකින් ඇතුළු වීමට ඉඩ සලසන බවක් පෙනෙන්නට තිබුණි.

Advertisement

ඉරාන ගැති අගමැති අපේක්ෂකයා වන හිටපු අමාත්‍යවරයකු සහ හිටපු පළාත් ආණ්ඩුකාරවරයකු වන මොහොමඩ් ෂියා අල්-සුඩානිගේ අපේක්ෂකත්වයට ඔව්හු විරෝධය පළ කරති.

Advertisement

අගමැති Mustafa al-Kadhimi විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ හරිත කලාපයෙන් “වහාම ඉවත් වන ලෙස” ය.

Advertisement

“රාජ්‍ය ආයතන සහ විදේශ දූත මණ්ඩල ආරක්‍ෂා කිරීමටත්, ආරක්‍ෂාවට සහ සාමයට සිදුවන හානිය වැලැක්වීමටත්” ආරක්‍ෂක අංශ කටයුතු කළ යුතු බවට ඔහු නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීය.

Advertisement

ඉරාකයේ 2021 ඔක්තෝම්බර් මැතිවරණයෙන් අල්-සද්ර්ගේ කණ්ඩායම ආසන 73ක් දිනා ගත් අතර එය ආසන 329කින් යුත් පාර්ලිමේන්තුවේ විශාලතම කන්ඩායම බවට පත් විය.

Advertisement

එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු නව රජයක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡා ඇනහිට ඇති අතර අල්-සදර් දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වී ඇත.

Advertisement

Source:Mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *