Latest Articles
Search

ගෝත්‍රික කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපති ධුරයට

200

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස ගෝත්‍රික දේශපාලනඥයෙකු වන ද්‍රෞපදි මුර්මු තේරී පත්වුණා.

Advertisement

පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයා වන 64 හැවිරිදි ඇය ඔඩිෂා ප්‍රාන්තයෙන් පැමිණ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙකු ලෙස ද කටයුතු කළ හිටපු ගුරුවරියක්.

Advertisement

මුර්මු ඉන්දීය ජනාධිපති ධුරයට පත් පළමු ගෝත්‍රික නායිකාවයි.

Advertisement

ඉන්දියාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන නමුත් විධායක බලතල හිමිවන්නේ නැහැ.

Advertisement

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහි (ලෝක් සභා සහ රාජ්‍ය සභා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාන්ත සභා සහ මධ්‍යම ආණ්ඩුවේ පාලනය සහිත ව්‍යවස්ථාදායක සභා (දිල්ලි සහ පුදුචෙරි) සාමාජිකයන්ගේ ඡන්දයෙන් ඉන්දීය ජනාධිපතිවරයා තෝරා ගනු ලබනවා.

Advertisement

කාශ්මීරයේ නියෝජිතයන්ට ද එම අවස්ථාව නීතියෙන් හිමිව තිබුණ ද මේ වන විට කාශ්මීරයේ සභාවක් නොමැති බැවින් මෙවර ජනාධිපතිවරණයේ දී කාශ්මීර මතය අදාළ වූයේ නැහැ.

Advertisement

මුර්මුගේ ප්‍රතිවාදියා වූයේ ප්‍රවීණ දේශපාලනඥයෙකු වන යෂ්වන්ත් සිංහායි.

Advertisement

1990 දශකයේ සහ 2000 දශකයේ මුල් භාගයේ එවකට අගමැති අතල් බිහාරි වජ්පායි විසින් නායකත්වය දුන් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ සිංහා දැන් පක්ෂය සහ අගමැති නරේන්ද්‍ර මෝදි දැඩිව විවේචනය කරන්නෙක්.

Advertisement

භාරතීය ජනතා පක්ෂය අපේක්ෂකයින් 20 දෙනෙක් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් පසු ආදිවාසි ග්‍රෝතික නායිකා ද්‍රෞපදි මුර්මු ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තා.

Advertisement

ඇයගේ නාමයෝජනා පිළිබඳ රූපවාහිනියෙන් දැනගත් බවත්, එම ප්‍රවෘත්තිය තමාව “පුදුමයට” සහ “ප්‍රීතියට” පත් කළ බවයි ඇය පැවසුවේ.

Advertisement

“දුරස්ථ මයූර්බන්ජ් දිස්ත්‍රික්කයේ ගෝත්‍රික කාන්තාවක් ලෙස, මට භාරතයේ ඉහළම තනතුරට අපේක්ෂකයා වීම ගැන සිතුවිල්ලක්වත් තිබුණේ නැහැ,” නාමයෝජනා ලැබීම ගැන දැනගත් පසු ඇය වාර්තාකරුවන් හමුවේ පවසා සිටියා.

Advertisement

ඔඩිෂා ප්‍රාන්තයේ දේශපාලන නායකයින් ඇය හැඳින්වූයේ “පාංශු දියණිය” ලෙසයි.

Advertisement

ද්‍රෞපදි මුර්මු සම්බන්ධයෙන් 2017 දී කතාබහක් ඇති වන්නේ එම වසරේ ජනාධිපතිවරණය සඳහා භාරතීය ජනතා පක්ෂය ඇගේ නම සලකා බලන බවට කටකතා පැතිරීමත් සමඟ යි.

Advertisement

ඇය එවකට ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළා.

Advertisement

භාරතීය ජනතා පක්ෂය දශක දෙකක පමණ කාලයක සිට ජනාධිපතිවරණය සඳහා සුලුතර ජන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයින්ට සහාය පළ කිරීමට හෝ ඉදිරිපත් කිරීමට පෙළඹී සිටිනවා.

Advertisement

2002දී න්‍යෂ්ටික වැඩසටහනේ පියා ලෙස සැලකෙන ආචාර්ය අබ්දුල් කලාම් නම් ඉස්ලාම් භක්තිකයා ජනාධිපතිවරණයට තෝරා ගත් භාරතීය ජනතා පක්ෂය 2007 දී කේ. ආර්. නාරයන් නම් දලිත්වරයාට සහාය පළ කළා.

Advertisement

2017 දීත් භාරතීය ජනතා පක්ෂය දලිත්වරයෙක් වන රාම් නාත් කෝවින්ද් ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තා.

Advertisement

ලබන 24 වැනිදායින් ධුර කාලය නිමා කරන කෝවින්ද්ගෙන් පසු එම ධුරය දැරීම සඳහා භාරතීය ජනතා පක්ෂය තෝරා ගනු ලැබුවේ ආදිවාසි සන්තාල් ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන ද්‍රෞපදි මුර්මුවයි.

Advertisement

මේ හරහා භාරතීය ජනතා පක්ෂය පැවසීමට උත්සාහ කරනුයේ තමන්ගේ පක්ෂය සියලු දෙනාට පිළිගත හැකි මෙන්ම ඕනෑම කෙනෙකුට පැමිණිය හැකි පක්ෂයක් ලෙස ජනතාව අතර ප්‍රසාදයක් ඇතිකර ගැනීම විය හැකියි.

Advertisement

එමෙන්ම හින්දූත්ව සංකල්පය ප්‍රතික්ෂේප කරන ගෝත්‍රික කණ්ඩායම් වර්ධනය වෙමින් ඇති පසුබිමක භාරතීය ජනතා පක්ෂයේ අරමුණ වන පොදු මතවාදයකට සියලු පාර්ශ්ව එක් කරගැනීම සඳහා ගෝත්‍රික නායිකාවක ජනපති ධුරයට ඔසවා තැබීම බීජේපීයේ දිගු කාලීන දේශපාලන උපායමාර්ගික සැලැස්මේ කොටසක් වීමේ හැකියාව ද පවතිනවා.

Advertisement

ඊසාන දිග ඉන්දියාවේ සිය ආධිපත්‍ය තහවුරු කර ගනිමින් සිටින භාරතීය ජනතා පක්ෂයට එම ප්‍රදේශවල බහුතරයක් වෙසෙන ක්‍රිස්තියානි ආගම අදහන ගෝත්‍රික ප්‍රජාවගේ සහය ලබා ගැනීම ද ද්‍රෞපදි මුර්මු හරහා පක්ෂය බලාපොරොත්තු වනු ඇති.

Advertisement

1958 දී මයුර්බන්ජ් දිස්ත්‍රික්කයේ බයිදාපෝසි ගම්මානයේ උපත ලද මුර්මු නියෝජනය කරන සන්තාල් ප්‍රජාව ඉන්දියාවේ විශාලතම ගෝත්‍රික කණ්ඩායම්වලින් එකක්.

Advertisement

ගම් සභා ප්‍රධානියකුගේ දියණියක් වන ඇය ප්‍රාන්ත අගනුවර වන බුබනේස්වර් හි රාමදේවි කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.

Advertisement

ආරම්භයේ ගමේ පාසලේ අධ්‍යාපනය හැදෑරු ඇය සිය පියා සමග අසල නගරය පැවති ප්‍රාන්ත අමාත්‍යවරයෙකු සහභාගී වූ දේශපාලන රැළියක් නැරඹීමට ගිය අවස්ථාවේ හදිසියේම වේදිකාවට නැග තමන්ට භුබනේෂ්වර් හි ඉගෙනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

Advertisement

කුඩා දැරියගේ උද්යෝගය පිළිබඳව අමාත්‍යවරයා කෙතරම් පැහැදුණා ද යත්, ඇයට ප්‍රාන්ත අගනුවර රජයේ පාසලකට ඇතුළත් වීමට පහසුකම් සලසන ලෙස අමාත්‍යවරයා සිය කාර්යමණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

Advertisement

පාසල් අධ්‍යාපනයෙන් පසු ඔඩිෂා රජයේ ලිපිකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ද්‍රෞපදි මුර්මු 1979-1983 දක්වා වාරිමාර්ග හා බලශක්ති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහකාරවරියක් ලෙස සේවය කළා.

Advertisement

නැන්දම්මාගේ බලකිරීම මත ඇය භුබනේස්වර් හි රැකියාවෙන් ඉවත් වී තම පවුල රැකබලා ගැනීම සඳහා රයිරන්ග්පූර් වෙත ආපසු පැමිණි අතර පසුව ශ්‍රී අරොබින්දෝ පාසලේ ගුරුවරියක් ලෙස පත්වීමක් ලැබුවා.

Advertisement

නමුත් ඇය වැටුපක් ගැනීම ප්‍රතික්ෂේප කළ අතර පාසලින් ඇය ලබා ගත්තේ රික්ෂෝ ගාස්තුව පමණයි.

Advertisement

මෙය රැකියාවක් නොව රාජ්‍ය සේවයක් බවත් බැංකු නිලධාරියෙකු වන තම සැමියාගේ වැටුප පවුලේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් බව ඇගේ අදහස වුණා.

Advertisement

ඇයගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ 1997 දී ඇය රයිරන්ග්පූර් හි ප්‍රාදේශීය මැතිවරණයෙන් මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමත් සමඟයි.

Advertisement

ඇය බොහෝ විට නගරයේ සනීපාරක්ෂක කටයුතු පෞද්ගලිකව අධීක්‍ෂණය කරන අතර, කාණු පිරිසිදු කර කසළ ඉවත් කරන තුරු අව්වේ සිටගෙන සිටිනු දක්නට ලැබුණි.

Advertisement

භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවක් ලෙස, ඇය 2000 දී සහ 2009 දී – රයිරන්ග්පූර් ආසනයෙන් දෙවරක් ප්‍රාන්ත සභාවට තේරී පත් වුණා.

Advertisement

2000 සිට 2004 දක්වා ඇය ප්‍රාන්ත සභාග ආණ්ඩුවේ ඇමතිවරියක් ද වූවා.

Advertisement

මුලින් වානිජ්‍යය සහ ප්‍රවාහනය භාරව කටයුතු කළ ඇය පසුව ධීවර හා සත්ව සම්පත් අමාත්‍යංශ භාරව කටයුතු කළා.

Advertisement

2006 සිට 2009 දක්වා, මුර්මු මහත්මිය භාරතීය ජනතා පක්ෂයේ “උපලේඛනගත ගෝත්‍ර” සඳහා වන රාජ්‍ය අංශයේ සභාපතිනිය වූවාය.

Advertisement

2009 දී ඇගේ වැඩිමහල් පුත්‍රයා හදිසියේ මිය යෑමත් සමඟ ඇගේ ජීවිතය ඛේදනීය මුහුණුවරක් ගනු ලැබුවා.

Advertisement

වසර කිහිපයකට පසු ඇයට දෙවන පුතා සහ සැමියා ද අහිමි වුණා.

Advertisement

තමන්ට තවත් කිසිවක් ජීවිතයේ ඉතිරිව නැතැයි නිතර පවසමින් ශෝකයෙන් මුසපත්ව සිටි ඇය පසුව ක්‍රමයෙන් ජීවිතය යළි අල්වා ගත්තා.

Advertisement

2015 දී ඇය ජාර්කන්ඩ් හි පළමු කාන්තා ආණ්ඩුකාරවරිය ලෙස පත් කරනු ලැබුවා.

Advertisement

පසුගිය වසරේ ජූලි දක්වා වසර හයක් ඇය එම තනතුර හෙබවූවා.

Advertisement

සිය පාලන කාලය තුළ ආණ්ඩුකාර කාර්යාලය සෑම තරාතිරමකම ජනතාවට විවෘතව තැබීම පිළිබඳව ඇය බොහෝ පාර්ශ්වයන්ගේ ඇගයීමට ලක් වුණා.

Advertisement

මුර්මුගේ පෞරුෂයේ වඩාත්ම කැපී පෙනෙන කොටස වන්නේ “ප්‍රීතිමත් සහ දුක්බර අවස්ථා දෙකේදීම ඇයගේ සමානාත්මතාවය සහ ඛේදවාචකය හමුවේ ඇයගේ ස්ථීරභාවය” බව ඇගේ දේශපාලන උපදේශක රාජ්කිෂෝර් දාස් පවසනවා.

Advertisement

විපක්ෂයේ ඒකාබද්ධතාවක් නොතිබීම සහ නිවැරදි නායකත්වයක් නොතිබීම භාරතීය ජනතා පක්ෂයට ජනාධිපතිවරණ ජයග්‍රහණය පහසු කළ බව නොරහසක්.

Advertisement

විපක්ෂයේ තනි පක්ෂයක් ලෙස ප්‍රබලම ජන පදනම ඇත්තේ කොංග්‍රස් පක්ෂයටයි.

Advertisement

නමුත් එහි පක්ෂ නායකත්ව අක්‍රීය වී ඇති අතර රාහුල් ගාන්ධිගේ විශ්වාසය ජනතාව ඉන්දිරා ගාන්ධි හෝ නේරුගේ මතකයන් මත තමන්ට ඡන්දය ලබා දෙනු ඇති බවයි.

Advertisement

නමුත් තවදුරටත් එය එසේ නොවන බව කොංග්‍රස් පක්ෂය තේරුම් නොගන්නා තාක් භාරතීය ජනතා පක්ෂයට ඉන්දීය දේශපාලනය තුළ අභියෝගයක් නොමැති අතර ඔවුන් පරාජය කිරීමට කිසිවෙකුට හෝ හැකි නොවනු ඇති.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *