ව්‍යාපාරික ධම්මික පෙරේරා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය දා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, එලෙස පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි ධම්මික පෙරේරා දිවුරුම් දෙනු ලැබුවේ.
දිවුරුම්දීමට පෙර ඔහු සිය වත්කම් බැරකම් ප්‍රකාශය ද කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.
මේ අතර, සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කර තිබෙනවා.
Source:Hirunews


















