Latest Articles
Search

රට පුරා හර්තාල් ක්‍රියාත්මකයි – සියලු වැඩ අඩපණ වෙයි

125

ජනමතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව අද (06) දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Advertisement

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය මෙන්ම වතු, ගොවි, ධීවර සහ බහුජන සංවිධාන ද ඊට එක්වෙනවා.

Advertisement

ගුරු – විදුහල්පතිවරු, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සංගම් ගණනාවක් අද මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඊයේ මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කළා.

Advertisement

අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ වල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වසා දමා ඇති අතර බොහෝ පිරිස් රාජකාරි සඳහා ද වාර්තා කර නොමැති බවයි.

Advertisement

හර්තාල් ක්‍රියාත්මක වන අද දිනයේ ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන අතර බොහෝ කාර්යාල වසා දමා තිබෙනවා.

Advertisement

මේ අතර කොළඹ ජාතික රෝහලේ හර්තාල් ක්‍රියාත්මක වුවද රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන අයුරුද දක්නට ලැබුණා.

Advertisement

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේද අද පාළු ස්වභාවයක් ගෙන තිබුණා.

Advertisement

මේ අතර බොහෝ පාසල් වලට සිසුන් හා ගුරුවරුන් පැමිණ සිටියේ නැහැ.

Advertisement

අද දින ක්‍රියාත්මක වන රජයට එරෙහි හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් මහනුවර නගරයේ බොහෝ දෛනික කටයුතු අඩපණ වී තිබෙන ආකාරයක් දක්නට ලැබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

Advertisement

මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර කටයුතු පමණක් සිදුකරන අතර ශ්‍රී ලංගම බස් රථ පමණක් යම් ප්‍රමාණයක් ධාවනය වන අතර පෞද්ගලික බස් රථ කිසිවක් හෝ ධාවනය නොවන බවත් මහනුවර දුම්රිය ස්ථානයෙන් කිසිදු දුම්රිය ධාවනය නොවූ අතර කිසිදු දුම්රියක් නොපැමිණි බව දුම්රිය ස්ථාන සේවකයෝ පවසා සිටියා.

Advertisement

මහනුවර නගරයේ පාසල් වෙත පාසැල් සිසුන් හෝ ගුරුවරුන් පැමිණ නැති අතර රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සේවයට නොපැමිණ ඇති බැවින් එම කටයුතු අඩාල වී ඇති බව සඳහන් වෙනවා.

Advertisement

මහනුවර නගරයේ අද එතරම් ජනතාව දක්නට නොලැබෙන අතර ශ්‍රී ලංගම රියදුරන් සඳහන් කළේ බස්රථ යම් ආකාරයකින් ධාවනය වුවද ප්‍රවාහනය සඳහා මගින් නොමැති බවයි.

Advertisement

මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබාදෙමින් මහනුවර නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබෙනවා.

Advertisement

හර්තාලයට සහාය පලකරමින් ගාල්ල නගරයේ කඩසාප්පු වසා දමා තිබු  අතර ගාල්ල බස්නැවතුම්පොළ ද පාළුවට ගොස් තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

Advertisement

බස්නැවතුම් පොළේ ශ්‍රි ලංගම බස්රථ කිහිපයක් පමණක් දක්නට ලැබුණු අතර ගාල්ල නගරයේ තැනින් තැන කළු කොඩි ඔසවා තිබු අතර පුද්ගලික බස් රථ සියල්ලම පාහේ ධාවන කටයුතුවලින් ඉවත්ව තිබෙන බවද වාර්තා වෙනවා.

Advertisement

රාජ්‍ය අංශය , පෞද්ගලික අංශය සහ බහුජන සංවිධාන විසින් රජයට එරෙහිව (06) දින දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වසා දමා හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්විමට  නගර වල වෙලද සංගම් පියවර ගෙන ඇත.

Advertisement

නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් වල කළු කොඩි ඔසවා තිබු අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වි තිබු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

Advertisement

ලංගම බස් රථ ධාවනයට එක් කර තිබුණද එම බස් රථවලින් ගමන් කිරිමට එතරම් මගින් සංඛ්‍යාවක් නොසිටින බවත් වාර්තා වෙනවා.

Advertisement

මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා හැටන් ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් හැටන් නගර මධ්‍යට පැමිණි උද්ඝෝෂණයක් ආරම්භ කර පසුව ඔහුන් පාගමනින් කොටගල නගරය දක්වා ගමන් කළ බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

Advertisement

(මහනුවර – කමල් සුරවීර / ගාල්ල – ලලිත් චාමින්ද / හැටන් – රංජිත් රාජපක්ෂ)

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *