Latest Articles
Search

අලුත් සෞඛ්‍ය ඇමැති ඇවිත් කරපු පළමු වැඩේටම විශේෂඥ වෛද්‍යවරුන්ට යකා නගී

228

නව සෞඛ්‍ය අමාත්‍යළුරයා ලෙස වැඩ බාරගත් චන්න ජයසුමන මහතා මුව ආවරණ ඉවත් කිරීමට ගත් පළමු තීන්දුවටම විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය පළවී තිබේ.

Advertisement

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙහි දැක්වෙයි.

Advertisement

 මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතිද?

Advertisement

නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අප වෙත දැනුම් දී ඇති පරිදි එළිමහනේ දී මුව ආවරණ පැළදීම තවදුරටත් අත්‍යවශ්‍ය කරුණක් නොවන බව දන්වා තිබේ. අමාත්‍යවරයාගේ මෙම නිවේදනයෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ද මෙම කරුණ සනාථ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. අපට හැඟෙන පරිදි මෙය පෙරට ගත් අඩිය පසුපසට ගැනීමක් වැනි දෙයකි. තනි පුද්ගලයන් ලෙස ගමන් කිරීමේදී මුව ආවරණ පැළදීම අත්‍යවශ්‍ය නොවුනද සමූහයක් ගැවසෙන ස්ථානවලදී කොරෝනා රෝගය වැළඳීමේ හැකියාව තවමත් සම්පූර්ණයෙන් ඉවත් වී නැති බව අපගේ හැඟීමයි.

Advertisement

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව අප පිළිගන්නා නමුදු නව කොරෝනා ප්‍රභේද (Omicron BA.4 BA5) දැනුදු ලෝකයේ අනික් රටවල සංසරණය වෙමින් පවතින බැවින් එම ප්‍රභේද අප රට තුළ පැතිර යාමේ කුඩා හෝ අවදානමක් ඇත.එම නිසා මේ අවස්ථාවේදී රට තුළ ඇති නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්,රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ මූලිකම අවියක් වන මුව ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බව පැවසීමෙන් රෝගය  පැතිරී යාම වැළැක්වීමට මෙතෙක් ගත් පියවර බාල්දු කිරීමක් ලෙස අපි දකිමු. එමෙන්ම මේ දිනවල මහජන ඒකරාශි වීම් වැඩි වීම, නොයෙක් ඖෂධ වර්ග සහ රෝග නිර්ණය සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල අවශ්‍ය ප්‍රමාණයට සැපයීමේ නොහැකියාවට ද අපි මුහුණ දී සිටිමු.

Advertisement

යම් හෙයකින් කොරෝනා තත්ත්වයේ වැඩිවීමක් සිදු වුවහොත් මෙම ඖෂධ හිඟය සහ අනෙකුත් අප ඉහත සඳහන් කළ කාරණා නිසා දැනට රට තුළ ඇති ව්‍යාකූල තත්වය තවත් වැඩිවීම නොවැළැක්විය හැකි වන අතර එමගින් අප වැටී ඇති ආර්ථික අර්බුදයද තවත් බරපතළ වනු නොඅනුමානය.

Advertisement

එම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම පොදු මහජනතාව එක්රැස් වන තැන්වලදී මුහුණු ආවරණ පැලදීම අත්‍යවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරගත යුතු අතර තමන් කොරෝනා රෝගීන් බවට පත් නොවීමට මහ ජනතාවට නැවත උපදෙස් ලබා දිය යුතු බවය.

Advertisement

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Advertisement

mawrata

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *