Latest Articles
Search

ශ්‍රී ලංකන් ගුවන් සේවා පාලනාධිකාරිය හෙට කෝප් කමිටුව හමුවට

159

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානා විසි එකක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකන් කළමනාකාරිත්වය හෙට (20) කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර ඇති බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Advertisement

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවය හදිසියේ ගුවන් යානා කුලියට ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

Advertisement

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ මොහොතේ සිදු කළ යුතුව ඇත්තේ නව ගුවන් යානා කුලියට ගැනීම නොව මේ වන විට ඔවුන් යම් කිසි ලාභයක් උපයා ඇත්නම් ඒ මුදලින් දේශීය බැංකු වෙතින් ලබාගෙන ඇති ණය මුදල් ගෙවා දැමීම බවයි.

Advertisement

මෙයට ප්‍රතිචාර දැක්වූ කෝප් සභාපති වරයා සඳහන් කළේ මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රශ්න කළ බවයි.

Advertisement

මෙම කාරණය සම්බන්ධයෙන් ද හෙට දිනයේ දීර්ඝ කරුණු විමසීමක් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටියා.

Advertisement

Source:Hirunews

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *