Latest Articles
Search

ජනපති ගෙදර යන දිනය හිටපු ඇමති කියයි

410

එස්.එම්.චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා විරෝධතාකරුවන් ඇතුළු රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Advertisement

ඒ ඉල්ලීම සමග ඔහු ජනපතිවරයා ගෙදර යෑමට සූදානම් දිනයද ප්‍රකාශයට පත් කරනවා.

Advertisement

හිටපු ඇමතිගේ ඉල්ලීම

Advertisement

ඔහුගේ ඉල්ලීම වන්නේ තව වසරක කාලයක් ජනපතිවරයාට ලබා දෙන ලෙසට.

Advertisement

ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සඳහා ජනපතිවරයාට තව අවුරුද්දක් ලබා දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

Advertisement

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ එසේ අවුරුද්දක් ලබාදී ඒ කාලය තුළ ජනතා ප්‍රශ්න වලට විසඳුම් නොලැබුණහොත් ජනපතිවරයාට ගෙදර යන ලෙස ප්‍රකාශ කරන ලෙසයි.

Advertisement

ජනපතිවරයාගේ තීන්දුව

Advertisement

එවන් පසුබිමක් තුළ ජනපතිවරයා ගෙදර යනු ඇති බවයි චන්ද්‍රසේන මහතා සඳහන් කරන්නේ.

Advertisement

ගාලු මුවදොර පිටියේ ජනතාව විරෝධතා දැක්වීම ජනතාවගේ අයිතියක් බවද ඔහු අවධාරණය කරනවා.

Advertisement

චන්ද්‍රසේන මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමින්.

Advertisement

අරගලකරුවන්ගේ ඉල්ලීම

Advertisement

ගාලු මුවදොර තරුණ උද්ඝෝෂණකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ජනපතිවරයා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

Advertisement

එතෙක් තම විරෝධතා අරගලය දිගටම ගෙන යන බවයි අරගලකරුවන් ප්‍රකාශ කරන්නේ.

Advertisement

Source:Asianmirror

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *