මම රංගනයට දායක වුණත් අදටත් මම කැමති ගායිකාවක් විදිහට ඉස්සරහට යන්න-පුංචි හුරතලි මනීෂා චංචලා

234

දෙරණ ලිට්ල් ස්ටාර් ගායන තරගාවලිය තුළින් ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි මනීෂා චංචලා මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ ‘සිදු’ ටෙලිනාට්‍යයේ ‘තෙරුණි’ගේ චරිතයෙනි. ගායනයෙන්, නිවේදනයෙන් මෙන්ම රංගනයෙන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගනිමින් ආලින්දය හැඩ කළ ඇය බොහොම කාලෙකට පස්සේ අලුත් නිර්මාණයකින් මේ දිනවල දැකගන්න ලැබෙනවා. ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පහන්දි’ චරිතය හරහා ප්‍රේක්ෂකාගාරයට එන මනීෂා කාලෙකට පස්සේ සැඳැල්ල අපිත් සමඟ කතාබහකට එකතු වූයේ මෙලෙසිනි.

Advertisement

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

Advertisement

‘ගුග්ලි’ ටෙලිනාට්‍ය එක්ක තමයි මේ දවස්වල වැඩිම කාලයක් ගත වෙන්නේ. ඊට අමතරව අලුත් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු ආරම්භ වුණා. ඒක විශ්ව ලංකා අයියාගේ ටෙලිනාට්‍යය නිෂ්පාදනයක්. ඒ අතරේ නිවේදන කටයුතුවලටත් දායක වෙනවා.

Advertisement

මනීෂාව පුංචි තිරයේ දකින්නේ බොහොම කාලෙකට පස්සේ වගේද කියලත් හිතෙනවා.

Advertisement

ඇත්තටම ‘සිඳු’ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම නාට්‍ය කිහිපයක් කළා. ඒත් මම නිර්මාණ භාර ගන්නෙම නැතුව හිටිය කාලයකුත් තිබුණා. මොකද මම ගායනය පැත්තෙන් විශාරද විභාගය කළා. ඒවා එක්ක කාර්යබහුල වුණ නිසා ටික කාලයක් මම නාට්‍යවලින් ඈත් වුණා. නාට්‍යය මුකුත්ම භාරගත්තෙම නෑ. ඒ අතරතුර ආව හොඳ නිර්මාණයක් තමයි ‘ගුග්ලි’ ටෙලිනාට්‍යය. මේනක රාජපක්‍ෂ අයියා අධ්‍යක්‍ෂණය කරන ‘ගුග්ලි’ ටෙලිනාට්‍ය ඇත්තටම මට කාලෙකට පස්සේ ලැබුණ හොඳ නිර්මාණයක්.

Advertisement

ගුග්ලි’ නිර්මාණය මනීෂාට විශේෂ වෙන්න හේතුවක් තිබුණාද?

Advertisement

ඇත්තටම මේක මම ගැමි චරිතයක් කරන පළමු අවස්ථාව. ඒ වගේ ගැමි චරිතයක් කරන්න මම කාලෙක ඉඳලා ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක්. ‘ගුග්ලි’ පිටපත කියෙව්වාම ඒ ‘පහන්දි’ කියන චරිතය මට ගොඩක් හදවතට දැනුනා. පහන්දි කියන්නේ ගැමි පරිසරයක හැදී වැඩෙන අගහිඟකම් මැද ජීවත්වෙන දෙමාපිය සෙනෙහස ආදරය නැතුව හැදෙන තරුණියක්. පහන්දිට සාධාරණයක් කරන්න මට පුළුවන් කියන විශ්වාසය එක්ක තමයි මම චරිතය භාරගත්තේ. ඇත්තටම පහන්දිට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි.

Advertisement

මනීෂා චරිත තෝරා ගැනීමේදී චරිතය ගැන දක්වන සැලකිල්ල කොහොමද?

Advertisement

මට චරිතයක් ලැබුණොත් ඒ චරිතය තුළ මට කරන්න දෙයක් තියෙනවද කියලා මම මුලින්ම බලනවා. මොකද මට ඒ චරිතයට සාධාරණයක් කරන්න බැරි නම් අවිශ්වාසයෙන් මම චරිත කරන්න භාරගන්නේ නැහැ. මම කැමති කොහොමත් විවිධ වූ චරිත කරන්න.

Advertisement

කොහොම වුණත් මනීෂාව කරලියට ගේන්නේ ‘සිදු’ ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතය. එදා ඒ ලැබුණු ප්‍රේක්‍ෂක ජනප්‍රියත්වය දැන් අඩුවෙලාද?

Advertisement

ඇත්තටම මාව ප්‍රේක්‍ෂකයා අතරට ගේන්නේ තෙරුණිගේ චරිතය. ඒ දවස්වල සමාජ මාධ්‍යවල තෙරුණිට විශාල ප්‍රේක්‍ෂක ආදරයක් ලැබුණා. ඕනෑම කෙනකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනයාට ප්‍රිය වෙන්න අමාරුයි. ජනප්‍රියත්වය කියන දේ හැමදාම එකම විදිහට තියෙන්නේ නෑ. කාලෙන් කාලෙට ජනප්‍රියත්වය කියන දේ අඩු වැඩි වෙනවා. හැබැයි තාමත් තෙරුණිගේ චරිතය ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රියයි. මොකද මම වෙනස් චරිත කොච්චර රඟපෑවත් ගොඩක් අය තාමත් මාව අඳුරන්නේ මට කතා කරන්නේ ‘සිදු’ ටෙලිනාට්‍යයේ තෙරුණි කියලා. තාම තෙරුණිට තියෙන ආදරය ප්‍රේක්‍ෂකයන් අතර අඩුවක් වෙලා නැහැ.

Advertisement

රංගනයත් එක්ක මනීෂාගේ ගායන පැත්ත දැන් අමතක කරලම දාලද?

Advertisement

ඇත්තටම ගායන පැත්තේ කරන්න හිටපු නිර්මාණ කිහිපයක්ම නාට්‍ය වැඩත් එක්ක නතර වුණා. පහුගිය දවස්වල මම සංගීත විශාරද විභාගය කරන්න ආරම්භ කළා. මේ දවස්වල විශාරද විභාගයේ දෙවන අදියර විභාගයට සූදානම් වෙනවා.

Advertisement

මනීෂා නිවේදනය, රංගනය, ගායනය ත්‍රිත්වයෙන්ම ප්‍රේක්‍ෂකයා අතර ජනප්‍රියයි. කලාව දැන් ඔබේ වෘත්තියද?

Advertisement

කලාව දිගටම මගේ වෘත්තිය කරගන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් දැනට වෘත්තිය විදිහට මම කලාවේ නියැලෙනවා. රටේ තියෙන තත්ත්වය එක්ක වෙනස් දේකට අලුතෙන් මේ වෙලාවේ යොමු වෙන්න අමාරුයි.

Advertisement

මනීෂාගේ රූපයට සිනමාවෙන් අවස්ථාවක් ලැබුණෙම නැද්ද?

Advertisement

මට මුලින්ම චිත්‍රපටියකට ආරාධනා ලැබුණේ මම උසස් පෙළ කරන කාලේ. ඒ කාලේ අධ්‍යාපන කටයුතු නිසා මම භාරගත්තේ නෑ. ඊට පස්සෙ තාම නම් හොඳ පිටපතක් ලැබුණේ නැහැ. හොඳ පිටපතක් ලැබුණොත් සිනමාවට දායක වෙන්න ලොකු ආසාවක් තියෙනවා. පසුබිම් ගායනයෙන් මම ළමා චිත්‍රපට දෙකකට දායක වෙලා තියෙනවා.

Advertisement

මනීෂාගේ උසස් අධ්‍යාපන කටයුතුත් රංගනය නිසා මඟඇරිලාද?

Advertisement

මම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය හදාරන අතරතුර තමයි වැඩි වශයෙන් කලාවට යොමු වුණේ. පස්සේ මට හිතුණා මට ගැලපෙන පාර කලාව කියලා. නොගැලපෙන පාරක යනවට වඩා ගැලපෙන පාරක යන එක හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ මම කලාව ගැන වැඩිදුර ඉගෙන ගන්න නැඹුරු වුණා.

Advertisement

මනීෂා ජීවිතේ ගැන කොයි විදිහටද හිතන්නේ?

Advertisement

මම ජීවිතේ ගැන සංකීර්ණ විදිහට හිතන්න කැමති කෙනෙක් නෙමෙයි. හැමෝටම පොදු හීන ටිකක් මටත් තියෙනවා. මහන්සි වුණොත් ඉලක්කයට යන්න ලේසියි.

Advertisement

පෙම්වතා ගැනත් කියමු?

Advertisement

ඔහු කලිඳු කරුණාරත්න. දෙරණ ආයතනයේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස සේවය කරනවා. දෙරණ ඇතුලේ අපි කාලයක්ම හොඳ යාළුවෝ. පස්සේ තමයි යාළුකම ප්‍රේමයකට පෙරළුනේ.

Advertisement

මනීෂා – කලිඳු මේ වසරේ එක වහලක් යටට යන්න බලාපොරොත්තුවක් නැද්ද?

Advertisement

ඇත්තටම මේ වසරේ නම් විවාහයකට කිසිම සූදානමක් නැහැ. විවාහය සැලසුම් කරගෙන යනවා. කාලයක් තීරණය කරලා නැහැ.

Advertisement

මනීෂාගේ රංගන කටයුතුවලට කොහොමද ඔහුගෙන් ලැබෙන සහය?

Advertisement

ඇත්තටම මගේ කලා ගමනට ඔහුගෙන් ලොකු සහයක් ලැබෙනවා. එයා ගොඩක්ම මේ වෘත්තිය ඉතාම හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා මට මේ ගමන යන්න හරිම පහසුයි.

Advertisement

මනීෂාගේ පාසල, ගම් පළාත සහ කලාවට පිවිසුණු විදිහත් මතක් කරමු.

Advertisement

මගේ ගම නුවර. අදටත් විවේකයක් ලැබුණ ගමන්ම මම යන්න කැමති එකම තැන නුවර නුගවෙල මගේ ගමට. මාගේ පාසල මහනුවර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය සහ කොළඹ ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය. පුංචි කාලේ ඉඳලා කලාවට යම් යම් දක්‍ෂතා තිබුණා. ගායන දක්‍ෂතා තිබුණ නිසා තමයි අම්මා දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට මාව යොමු කළේ. ඊට කලින් පාසල් කාලේ කඳුරට FM එකෙන් මම ළමා නිවේදිකාවක් විදිහට දායක වෙලා තියෙනවා. මම රංගනයට දායක වුණත් අදටත් මම කැමති ගායිකාවක් විදිහට ඉස්සරහට යන්න.

Advertisement

පසුගිය දවස්වල අමුතු කටකතාවක් පැතිරුණා මනීෂා සම්බන්ධයෙනුත්. කටකතා විවේචන ගැන මනීෂා හිතන්නේ කොයි විදිහටද?

Advertisement

ඇත්තටම මම ගොසිප් ගැන නම් හිතන්නෙම නැති කෙනෙක්. එක අවස්ථාවක දාලා තිබුණා මම කලින් විවාහ වෙලා හිටියා කියලා. විවිධ ගීත රූප රචනා ඡායාරූප, ෆොටෝ ෂූට්වලින් අරන් තමයි ඒවා හදලා තිබුණේ. මගේ වටා ඉන්න අය එහි සත්‍ය අසත්‍ය දන්නවා.

Advertisement

නදීශා අතුකෝරළ / ඡායාරූප –  සජීව ලක්ෂාන්

Advertisement

සාරවිට

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *