BREAKING NEWS
Search

අවුරුදු දා විදුලි සහනයක්

208

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නො කිරීමට අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මේ බව කියා සිටියේ, මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාව සමග ඊයේ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සාකච්ඡාවේදී ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහි දී ඔවුන්ගේ ගැටලු විසදීමට මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වී තිබෙනවා.

මේ අතර, දිවයින පුරා තවදුරටත් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *