Latest Articles
Search

පෙම්වතාට හෝ සැමියාට වෙනත් සම්බන්ධයක් තියෙනවනම් මොකද කරන්නේ ?

591

කාන්තාවක් සම්පූර්ණයෙන් මානසිකව ඇද වැටෙන කාරණාවක් විදියට හඳුන්වන්න පුලුවන් දෙයක් තමයි තමන්ගේ ආදරවන්තයා වෙනත් සම්බන්ධයක පැටලවීම.

Advertisement

ජීවිතේ අපිට ලැබෙන්නෙ අපි බලාපොරොත්තු වෙන දේවල්ම නෙවෙයි. අන්න ඒ නිසා එහෙම වෙලාවට අපිට හුඟක් ඉවසන්න සිදු වෙනවා. අපි මෙතනින් එහාට කරන්නේ මොකක්ද ඒ දේ කරන එක හරිද කියලා අපිට දහස් වතාවකට වඩා හිතන්න සිදු වෙනවා.

Advertisement

මුලින්ම කළ යුතු වන්නේ හැකිතාක් සන්සුන් වීමයි. ආවේගශීලි වෙලා කෑගහන්න, රණ්ඩු කරන්න යාමෙන් ලැබෙන දෙයක් නෑ. ඒ නිසා හැකිතාක් සන්සුන් වෙන්න. මුලින්ම ගේ ගින්දර පිටතට දීමත් තේරුමක් නැති වැඩක්. ෆේස්බුක් එකේ ඒ බව ලෝකයට හැඟවෙන සටහන් ලිවීම වගේ දේවල් නම් නොකර සිටීම ඉතා වැදගත්.

Advertisement

ඊට පස්සෙ ඔබ ඔහුත් සමඟ සන්සුන්ව ඒ ගැන කතා කරන්න ඕන. ඔබෙන් සිදුවූ අඩුපාඩු, ඔහු ඇයට ආකර්ෂණය වූයේ ඇයි කියන දේවල් රණ්ඩු නොවී විමසන්න අමතක කරන්න එපා. ඔහුට තවදුරටත් ඔබ සමඟ හිඳින්නට අවශ්‍යද යන්නත් වෙන්වීම අවශ්‍ය ද යන්නත් කෙලින්ම විමසිය යුතුමයි.

Advertisement

ඉන්පසු ඔබට සිදු වෙනවා මේ ගැන සමීපතම කෙනෙකු සමඟ සාකාච්ඡා කරන්න. දික්කසාදයට සූදානම් විය යුතු නම් ඉන්පසු ඔබේ හිතේ ඇති වන පීඩාවන්ට ප්‍රතිකාර සඳහා ඔබට මනෝ උපදේශන සේවයකට සහභාගී වීමට සිදු වෙන්නත් පුලුවන්. නමුත් ඔබ නැවත එක්ව ජීවිතය අරඹනවා නම් පවුල් උපදේශනයක් ලබා ගැනීම අනිවාර්යය බව අමතක කරන්න එපා.

Advertisement

මේ සියල්ලටම පසු ඔබ සිතන්නට ඕනෑ ප්‍රධානම දේ තමයි, අතීතය කියන්නේ අතීතයට බව. ඔබ සම්බන්ධය හෝ විවාහය අවසන් කරනවා නම් මානසිකව ඇද වැටී ජීවිතය විනාශ කරගන්නට කිසිසේත්ම කටයුතු නොකළ යුතුයි. ඔබ ටික කාලයක් හිත හදා ගැනීමට වැය කර ඉන්පසු සාමාන්‍ය ජීවිතය වෙත අවතීර්ණ විය යුතුමයි.

Advertisement

සබඳතාවය නිමා නොකර සිටීම ඔබේ තීරණය නම් ඔහු අතින් සිදුවූ වරද නැවත නැවත සිහි කරමින් ඔහු සමඟ රණ්ඩු වෙන්නට එපා.එය අමතක කර දමන්න. ඔබ වෙතට ඔහුගේ ආදරය නොවෙනස් ව ලබාගන්නට හැකි සෑම දෙයම ඉටු කරන්න.

Advertisement

අපි සියල්ලන්ම වෙනස් වෙන සුළු සිතක් ඇති මිනිසුන්. ඒ නිසා සමාව දීම උතුම් දහමක් බව අමතක කරන්න එපා.

Advertisement

-නිබන්ධිකා-Smartlady

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *