Latest Articles
Search

අවුරුදු 25ක් වැඩිමහල් කාන්තාවක් විවාහ කරගත් ඉමැනුවෙල් මක්රොන් ගේ පුදුම ආදරය

258

උදේ සිට රාත්‍රී වෙනතුරුම මගේ ජීවිතය ඇයයිඇය මගේ මුළු ජිවිතයට සමානයි.ඇයගෙන් තොර ලෝකයක් මට නැහැසමහර වෙලාවට මම මේ තරම් ආදරේ කරන්නේ ඇයි කියලා ඇයත් පුදුම වෙනවා.”

Advertisement

මෙසේ පවසන්නේ ප්‍රංශයේ 39 හැවිරිදි නවතම ජනපති ඉමැනුවෙල් මක්රොන් සිය ආදරණිය සහකාරිය වන 64 හැවිරිදි බ්‍රිජෙත් පිළිබඳවයි.වසර 25 ක වයස් පරතරය ට ඔවුන්ව වෙන් කිරීමට හැකිවුණේ නැහැවැඩිමහල් පිරිමින් නිතරම තමාට වඩා වයසින් අඩු කාන්තාවන් විවාහ කර ගැනීම සාමාන්‍ය තත්වයක් වුවත් මෙහි අසාමාන්‍යත්වය වන්නේ කාන්තාව පිරිමියාට වඩා වසර 25 කින් වැඩි වීමයි.

Advertisement

මක්රෝන් බ්‍රිජෙත් ආදර අන්දරය ඇරඹෙන විට මක්රෝන් 15 හැවිරිදි වියේත් බ්‍රිජෙත් 40 හැවිරිදි වියෙත් සිටියදීයිඒ වන විටත් තිදරු මවක වූ ඇය විවාහ වී සිටියේ බැංකුකරුවෙකු සමඟයිඇයගේ දියණියක මකරෝන් හා සම වයසේ පසුවූවා.

Advertisement

වයස් පරතරය නිසාම ඔවුනට එල්ලවූ බාධා කිරීම් අසීමිතයි.දෙමාපියන් මකරෝන්ව පාසලෙන් ඉවත් කර ගත් අතර ඔහු පිටව ගියේ සදා නොවෙනස් ආදරයක් ඇය වෙත ඉතිරිකරමින්.”

Advertisement

අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ යොවුන් ආදරවන්තයා 2007 වසරේදී බ්‍රිජෙත් හා විවාහ වුණා.ඒ වන විට ඇය සිටියේ සැමියාගෙන් නිත්‍යානුකුලව වෙන් වී.

Advertisement

ජනපති අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුට බ්‍රිජෙත්ගේ පමණක් නොව ඇයගේ දියණියන්ගේ සහායද නොමඳව ලැබුණාඔහු වේදිකා මත පවත්වන කතා සකසා දෙනු ලැබුවේ බ්‍රිජෙත් විසින්.මකරෝන්ගේ මව පවසන්නේ ඇය තමාට හොඳ යෙහෙළියක බවයි .

Advertisement

සාහිත්‍ය ගුරුවරියක ලෙස සේවය කරන බ්‍රිජෙත් විලාසිතාවන්ටද මහත් සේ ප්‍රිය කරනවා.ඉතින් අසම්මතයයි අසාමන්‍ය මිනුම් දඬුවලින් එතෙර වූ ඔවුනගේ ආදර කතාව සැබවින්ම ආශ්චර්යක් නේද ?

Advertisement

Source : ඉරේෂා –Smartlady

Advertisement

 

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *