පිරිමියෙක් කාන්තාවකගෙන් වගේම කාන්තාවක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවලුත් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මේ දේවල් ගැන මේ දෙගොල්ලොම කතාබහ කරන්නේ හරිම අඩුවෙන්. මේ නිසාම තමයි අද ආදරය කරන අය අතරේ ගොඩක් ප්‍රශ්නත් ඇති වෙන්නේ. කොහොම උනත් පිරිමින් කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙනවට වඩා ගොඩක් දේවල් කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙනවා.
මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවේ කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් ගැන. බලන්නකෝ ඔබත් මේ දේවල් ඔහුගෙන් බලාපොරොත්තු වෙනවද කියලා.
1. නිතරම ඇයත් සමඟම කාලය ගත කිරීම
කාන්තාවන් කැමති තමන් ආදරය කරන කෙනත් එක්ක වැඩි කාලයක් ගත කරන්න. හැබැයි මේකෙන් ඔවුන් අදහස් කරන්නේ නැහැ පිරිමියෙක් තියෙන හැම වැඩක්ම නතර කරලා ඔවුන් සමග කාලය ගත කරන්න ඕනේ කියලා. මේ නිසා කාන්තාවන් කැමති හැකියාවක් තියෙන හැම අවස්ථාවකම තමන් ආදරය කරන කෙනාත් සමග කාලය ගත කරන්න.
2. ඇයව වැදගත් කෙනෙක් ලෙස සැලකීම
පිරිමියෙක් යමක් කරන වෙලාවට හරි යමක් කරන්න ලෑස්ති වෙන වෙලාවට හරි කාන්තාවන්ගෙන් ඒ ගැන අහනවා නම් ඔවුන් හරිම කැමතියි. මොකද ඔවුන්ට ඒ වෙලාවට දැනෙනවා පිරිමින්ගෙන් ඔවුන්ට වැදගත්කමක් ලැබෙන බව. මේ වගේමයි දෙදෙනා එක්ව යන ගමන් බිමන් කරන කියන දේවල් වලදීත් ඇයගේ අදහස් වලට වැඩි අවස්ථාවක් දෙනවා නම් ඔවුන් කැමතියි.
3. නිතරම ඇයව අගය කරනවට
කාන්තාවන් කොහොමත් කැමතියි ඔවුන්ව අගය කරනවට. විශේෂයෙන් තමන් ආදරය කරන පිරිමියා තමන්ව අගය කරනවට ඔවුන් ගොඩක් කැමතියි. මේ නිසා පිරිමි අය ඇයව අගය කරමින් ඇයව නිතරම දිරිමත් කරනවා නම් ඔවුන් ඔවුන්ගේ සබදතාවය ගැන නිතරම ඉන්නේ සතුටින්.
4. ඇය බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් ලැබෙනවට
ගොඩක් පිරිමි අය හිතන්නේ කාන්තාවන් කැමති මිල අධික වටිනාකමින් වැඩි දේවල් වලට කියලා. නමුත් ඇත්තටම මේ දේවල් වලට වඩා ඔවුන් කාලයක් බලාපොරොත්තුවෙන් හිටිය පුංචි දෙයක් ඔබ ඔවුන්ට ලබාදීම ඔවුන්ව සතුටට පත් කරනවා. මේ නිසා වටිනාකමින් වැඩි දේවල් වලට වඩා ඔවුන් වඩාත් කැමති දේවල් ඔවුන් ලැබෙනවට ඔවුන් කැමතියි.
5. අවධානය සහ ආරක්ෂාව
කාන්තාවකට තමන් ආදරය කරන පිරිමියාගේ අවධානය සහ ආරක්ෂාව ලැබෙනවා කියන්නේ ඇයට ඒ තරම් සතුටක් නැති තරම්. මොකද ඇත්තටම ඔවුන් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ දේවල්. මේ නිසා නිතරම ඇය ගැන සොයා බලමින් ඔවුන්ට සහය දක්වනවට කාන්තාවන් කැමතියි.
6. ඇයට ගරු කිරීම
කාන්තාවක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන තවත් වැදගත් දෙයක් තමයි ගරුත්වය කියන්නේ. මේකෙන් කාන්තාවන් අදහස් කරන්නේ නැහැ පිරිමියෙක් ඔවුන් කියන හැම දෙයකටම එකඟ වෙලා ඔවුන්ට ගරු කල යුතු බව. සමාජයේදී ඔවුන්ට ගරු කරමින් නිතරම ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා වෙන විදිහට පිරිමින් කටයුතු කරනවට තමයි කාන්තාවන් කැමති.
7. ඇයට අවංක වීම
කාන්තාවක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන තවත් දෙයක් තමයි අවංකභාවය කියන්නේ. මේ නිසා කාන්තාවන් නිතරම තමන්ගේ ජීවිතයට බලාපොරොත්තු වෙන්නේ අවංක පිරිමියෙක්. ඒ වගේම තමයි පිරිමියෙක් කාන්තාවකට අවංක වෙන තරමටම කාන්තාවක් පිරිමියෙක්ට අවංක වෙනවා වගේම ආදරෙත් කරනවා.
Source:හැඩකාරි

















