ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආයෝජන සදහා සෞදියට ඇරයුම් කරයි

185

ක්ෂේත්‍ර කිහිපයක ඍජු ආයෝජනය සදහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාබිඩ් වෙත පවසා තිබෙනවා.

ඒ, සෞදි විදේශ අමාත්‍යවරයා සමග ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදියි.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණික සංවර්ධනය සහ වරාය නගර ආශ්‍රිතව ඇති විදේශ ආයෝජන අවස්ථා පිළිබදව ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම සෞදි විදේශ අමාත්‍යවරයාගේ අවධානයට යොමු වී තිබෙනවා.

එසේම ප්‍රේෂණ අඩුවීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල වූ බලපෑම හා මතුව ඇති ඉන්ධන අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් එහි දී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සෞදි අරාබිය ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව සදහන් කළ සෞදි විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට එම ක්ෂේත්‍රයේ සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *