Latest Articles
Search

මට හිතෙනවා උදේනිගේ චරිතයෙන් මට වටිනාකමක් ලැබුණා කියලා – හිමාලි සයුරංගි

253

ඇය පුංචි තිරයේ එක් අහිංසකාවියකි. එසේත් නැති නම් දිරිය මවකි. නොඑසේ නම් අහිංසක මල්වලට පාර කියන ගුරු තාරකාවකි. ඈත පිටිසර මායිම් ගමක ගැහැට විඳී තරුණියකි. මේ ආදී විවිධ විචිත්‍ර චරිත තුළින් ඔබ හමුවට එන චරිතාංග රංගන ශිල්පිනියකි හිමාලි සයුරංගි. මේ දිනවල නාළිකා ද්විත්වයක ටෙලි නිර්මාණ දෙකක් ඔස්සේ ඔබ හමුවට එන ඇය අප සමඟ කලාවේ බොහෝ දෑ කතාබහ කළේ මෙසේයි.

Advertisement

හිමාලි නැවතත් හුරු පුරුදු චරිතයකින් පුංචි තිරයේ?

Advertisement

ඔව්. ඒ දිවි තුරා ටෙලිනාට්‍යයේ. හැබැයි දැන් හිතෙනවා මට ලැබෙන චරිත ටිකක් සමානයි කියලා. දිවි තුරා ටෙලිනාට්‍යයේත් මට කරන්න තියෙන්නේ තනිවම තමන්ගෙ දරුවාව හදන අම්මා කෙනෙක්ගෙ චරිතයක්. ඒ හැමදෙයක්ම අධ්‍යක්ෂණය, රංගන ශිල්පීන් මගේ ස්වරූපය හැමදෙයක්ම මේ ටෙලිනාට්‍යයේ වෙනස්. නමුත් චරිතය තනිවම දරුවා හදන දිරිය මවක්.

Advertisement

ඉදිරියේදී හිමාලි ඒ වගේ චරිතවලටම කොටුවේවිද?

Advertisement

ඒක කරන්නෙත් අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරුන්මයි. මේ ටෙලිනාට්‍යයේ චරිතය මට ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ. අධ්‍යක්ෂණය, පසුතල සියල්ලම පාහේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට සාපේක්ෂව වෙනස්. මේ කතා දෙක වෙනස්.

Advertisement

සමාධිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

Advertisement

ටෙලිනාට්‍ය විකාශය වෙන්න පටන්ගෙන තවම සුළු කාලයයි. ඒ නිසා ප්‍රතිචාර තවමත් අඩුවෙන් එන්නේ. අතුල අධිකාරි, හෙක්ටර් ඩයස් වගේ වෙනත් ක්ෂේත්‍රයක දෙදෙනෙක් එක්ක රඟපාන්න වෙන නිසා මේක මටත් අලුත් අත්දැකීමක්. දැනට විකාශය වුණු කොටස් නරඹපු පිරිසෙන් බොහොම ප්‍රසංශාත්මක ප්‍රතිචාර එනවා. අපි මාස තුන හතරක් මේ ටෙලිනාට්‍යයට සූදානම් වුණා. අද ටෙලිනාට්‍ය කලාව අද කතා කරලා ඊළඟ සතියේ රූගත කිරීම් පටන් ගන්න තැනට පත් වෙලා. මේ වගේ චරිත ගැන පුහුණු වැඩමුළු පවත්වලා, ඇඳුම් සහ වේශ නිරූපණය ගැන කතා කරලා පෙර පුහුණු වෙලා ටෙලිනාට්‍යයක් පටන් ගන්නේ කලාතුරකින්. මේ ටෙලිනාට්‍යයට පෙර සූදානම දැකලා ඇත්තටම මට සතුටු හිතුණා.

Advertisement

දෙවෙනි ඉනිම උදේනිට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරම දිවි තුරාහී සමාධිට ලැබේවිද?

Advertisement

ඒක ප්‍රේක්ෂකයන්ට භාරයි. ටෙලිනාට්‍ය දෙක විකාශය වෙන්නේ නාළිකා දෙකක. දෙපිරිසක් ඒ නාළිකා වටාරොක් වෙලා ඉන්නේ. චරිතයක් ලැබුණාම මම එකම විදිහට මහන්සි වෙන්නේ දෙවන ඉනිමටත් එහෙමයි දිවි තුරා එකෙත් එහෙමයි. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට දැන් අවුරුදු හතරක්. ඒක කලාකරුවන්ට ඉතාම හොඳට සලකන නාට්‍යයක්. ලොකු සහයෝගයක් ලබාදෙනවා මුළු කණ්ඩායමම.

Advertisement

මෙගා නාට්‍යකට සම්බන්ධ වුණාට පසුව හිමාලි සයුරංගිගේ වටිනාකම අඩු වුණා කියලා හිතෙන්නේ නැද්ද?

Advertisement

නැහැ. මට හිතනවා උදේනිගේ චරිතයෙන් මට වටිනාකමක් ලැබුණා කියලා. එක දිගට දකිනකොට ඕනෑම දෙයක් එපා වෙන්න පුළුවන්. නමුත් ඉන්දියන් නාට්‍ය කොටස් එක්දහස් ගණන් බලපු වකවානුවක අපේ නාට්‍යයක් අවුරුදු හතරක් තිස්සේ තවමත් ටෙලිවිෂන් එකෙන් සහ යූටියුබ් එකෙන් බලනවා. ඒ වගේ තැනකට එද්දි මම හිතන්නේ නැහැ උදේනි වගේ චරිතයක් රඟපාලා නිළියක් විදිහට බාල්දු වුණා කියලා. ඒක මට වටිනාකමක්.

Advertisement

මේ ගත වන්නේ ක්ෂේත්‍රයට පැමිණ කීවැනි වසරද?

Advertisement

දැන් අවුරුදු දාහතක් මම ක්ෂේත්‍රයට ඇවිත්.

Advertisement

ඒ අවුරුදු දාහත ගැන තෘප්තිමත් ද?

Advertisement

ඔව්. ඒත් මට සිනමාවේ යමක් කරන්න ලැබුණු ඉඩ මදි කියලා හිතෙනවා. නමුත් ආපු ගමන ගැන මම සතුටුයි. මගේ රංගන ජීවිතය පසුතැවෙන්නේ දේවල් නැහැ. මම හරිම හිමින් හොඳ ගමනක් ආවා කියලා සතුටු වෙන්න පුළුවන්. මට ඕන තැනකට ගියත් ඒ ආදරය, ප්‍රතිචාරය, ගෞරවය මිනිස්සුන්ගෙන් ලැබෙනවා. ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා.

Advertisement

ඇත්තටම සිනමාවට හිමාලිව මඟහැරුණද?

Advertisement

ඒකට හේතුව මොකක්ද කියලා මම තවමත් හිතනවා. මම රංගනයෙන් දායක වුණු සුනාමි චිත්‍රපටය තිරගත කළා විතරයි කොරෝනා වසංගතය නිසා එක නතර කරන්න සිද්ධ වුණා. සුනාමි චිත්‍රපටය බලපු අයගෙන් මගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබුණා. ඉතින් කාලෙකින් චිත්‍රපටයක රඟපාලා ඒ ප්‍රතිචාර මට හරියට විඳගන්න ලැබුණේත් නැහැ කොරෝනා ප්‍රශ්නය නිසා. චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. අපි බලමු ඉතින් මගේ හොඳ කාලේ ඉදිරියට ඒවිද දන්නේ නැහැ.

Advertisement

මේ වසර දාහත තුළ හිමාලි ගැහැනියගේ විවිධ ස්වරූපවලට පණ පෙව්වා නේද?

Advertisement

ගැහැනියගේ විවිධ ස්වරූප මට කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතරිනුත් ශක්තිමත්, දිරිය කාන්තාවගේ චරිත තමයි මට වැඩිමනක් ලැබුණේ. බොහෝදුරට මට ලැබුණේ කළු චරිතවලට වඩා සුදු චරිත.

Advertisement

ඒ අතරිනුත් ඔබ කළේ භාවාතිශය චරිත?

Advertisement

ඔව්. හැම චරිතයක්ම මට විශේෂයි. හැම චරිතයක්ම ලේසි නැහැ. භාවාතිශය චරිත පමණක් නෙමෙයි ප්‍රතිරෝධක චරිතයක් ලැබුණත් ඒකත් මට අමාරු වෙයි. ඕනෑම චරිතයක් කරන එක අමාරුයි. මේක ලේසී මේක අමාරුයි කියලා චරිත වර්ග කරන්න බැහැ.

Advertisement

ප්‍රතිවි‍රෝධක චරිතයක් ලැබුණොත් භාරගන්නවාද?

Advertisement

මට ලැබුණේම හොඳ සුදු චරිත. මම දුෂ්ට චරිතයක් කරලාම නැහැ. මම ආසයි ඒ වගේ චරිතයක් රඟපාන්න. නිළියක් කියන්නේ විවිධ චරිතවලින් විවිධ ස්වරූපවලින් එන්න ඕනේ කෙනෙක්ට. නිළියකට තෘප්තිය ලැබෙන්නේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවම. වෙනස් ඇඳුම් පැළඳුම්, වෙනස් වේෂ නිරූපණ, වෙනස් චරිත මේ දේවල් තමයි නිළියක් හෝ නළුවෙක් ජීවිතේ හොයන්නේ.

Advertisement

මෙතෙක් කරන්න නොහැකි වුණු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

Advertisement

ගොඩක් චරිත තියනවා. මේ ලෝකෙ ජීවත් වෙන කොයි තරම් නම් චරිත තියෙනවද? ඒ අතරින් මම කරලා තියෙන්නේ කොච්චර චුට්ටයිද? මම හරිම ආසයි නීතීඥවරියකගේ චරිතයක් කරන්න. දොස්තර කෙනෙක්ගේ චරිතයක් කරන්න “දඩයම” වගේ චිත්‍රපටිවල ස්වර්ණ මල්ලවාරච්චි “පාලම යට” චිත්‍රපටියේ ගීත කුමාරසිංහ කළා වගේ චරිත අපි හීන වගේ. ඒත් ඒ වගේ චරිත මට ලැබෙන්නේ නැහැ. මම කරලා තියෙන චරිත බැලුවාම තවම වනන්තරයකින් කොළයක් කඩාගත්තා වගේ තමයි.

Advertisement

හිමාලිගේ පූර්වාදර්ශී චරිතය කවුද?

Advertisement

එහෙම මෙයා වගේ වෙන්න ඕනේ කියලා චරිතයක් නැහැ. ඒත් මම හරිම කැමති කලා ශිල්පියෙක් ජැක්සන් ඇන්තනි මහත්මයා. මම නිතරම එතුමාගෙන් හොඳ දේවල් ගත්ත කෙනෙක්. මම නිවේදිකාවක් ලෙස සම්මුඛ පරීක්ෂණයකින් මාව තෝරන්නේ එතුමා. එතුමා අපි නිවේදන කලාව ගැන බොහෝ දෑ කියා දුන්නා. රඟපාන්න, නටන්න, ගීත ගයන්න, ගීත ලියන්න, නිවේදන කලාව, අධ්‍යක්ෂණය මේ හැමදෙයක්ම එතුමා ප්‍රගුණ කරලා තියෙන විදිහ හරි පුදුමයි. ඔහු ළඟ කොයිතරම් නම් අපිට ගන්න දේවල් තියෙනවාද? මම ඇත්තටම ඔහුව පූර්වාදර්ශයක් කරගන්නවා.

Advertisement

හිමාලි ක්ෂේත්‍රයට ආවේ නිවේදිකාවක් ලෙස. දැන් ඒ වෘත්තිය අත්හැරලාද?

Advertisement

මට හොඳ වැඩසටහනක් ලැබුණොත් මම කරනවා. රියැලිටි වැඩසටහනක්, කාන්තාවන් හෝ ළමයින් වෙනුවෙන් කරන හොඳ වැඩසටහනක් වගේ නිවේදනය කරන්න දුන්නොත් මම කරනවා. සමාජයට යමක් දෙන්න පුළුවන් වැඩසටහනක් වෙන්න ඕනේ. බඩු විකුණන්න වගේ දේවල් නිවේදනය කරන්න මම යන්නේ නැහැ.

Advertisement

දැන් ඉන්න නිවේදිකාවන් ගැන ඔබේ අදහස?

Advertisement

හරිම දක්ෂයි. නිවේදන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයකම හරිම දක්ෂ ළමයි ඉන්නවා. පුදුමාකාර දක්ෂතා තියෙන අය ඉන්නේ. ඒ කාලේට වඩා දැන් අවස්ථා වැඩියි. ඒ වගේම තරුණයොත් හරිම දක්ෂයි.

Advertisement

විෂය හැදෑරීම කියන කාරණාව රංගන ශිල්පිනියකට කොයි තරම් දුරට බලපානවාද?

Advertisement

විෂය හැදෑරීම ඕනෑම ක්ෂේත්‍රයකට අදාළයි. ඒක ඕනෑම ක්ෂේත්‍රයක නිරතවන කෙනෙක්ගේ ඒ දියුණුව තීරණය වෙන්නේ හැදෑරීම සහ අද්දැකීම් මත. රංගන ක්ෂේත්‍රයේ අභ්‍යාස කරන්න තියෙන්නේ හදාරන්න තියෙන්නේ අපේ රඟපෑම තුළින්ම තමයි. රංගනය වෙනුවෙන් අපි කොයි තරම් උනන්දු ද, කැප වෙලා තියනවද, චරිතය වෙනුවෙන් අපි කරන වෙනස්කම් මොනවාද වගේ දේවල් ගැන නිරන්තරයෙන් අපි අවදානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් චරිත කරන්නේ කොහොමද කියන එක ගැන අපි අවධානයෙන් ඉන්න ඕන. රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට මේවා අතිශය වැදගත් දේවල්. දෙබස් ටිකක් කටපාඩම් කරගෙන මේකප් එකක් දාගෙන කැමරාවේ ඉස්සරහට ඇවිල්ලා බොරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි රංගනය කියන්නේ. චරිතවල තාත්විකත්වයෙන්, ස්වභාවිකත්වයෙන් ඒක කරන රංගන ශිල්පීන්ගේ වුවමනව හොඳට පෙනෙනවා.

Advertisement

දැන් ක්ෂේත්‍රයේ චරිතාංග රංගන ශිල්පිනියන් අඩුයි කියලා චෝදනාවක් තියෙනවා?

Advertisement

මමත් ක්ෂේත්‍රයට ආවේ පෙම්වතියගේ චරිතයෙන්. නමුත් අද ලොකු දරුවෝ ඉන්න මවගේ චරිත කරනවා. ඉස්සර පරණ පෙම්වතියෝ අද අම්මලාගේ චරිත කරනවා. තරුණ රංගන ශිල්පීනියන්ට පසුකාලීනව වෙනත් චරිතවලට එන්න වෙනවා. තරුණ රංගන ශිල්පිනියන්ට ඔවුන්ගේ දක්ෂතා බලාගන්න පිබිද චරිත දෙන එකත් නිර්මාණකරුවන් බලාගන්න ඕන. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේක කවදාවත් මුදල් උපයන්න බැරි ක්ෂේත්‍රයක්. දවසම රූගත කිරීම්වලට කැපවෙලා දුෂ්කර පළාත්වල රුගත කිරීම්වලදී දුක්විඳීලා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. මේක මුදල් හම්බ කරගන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙමෙයි. අපිට මේකෙන් ලැබෙන එකම දේ මිනිස්සුන්ගේ ආදරය විතරයි. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ක්ෂේත්‍රයට ආපු ගමන්ම හොඳට යාන වාහන ගෙවල් දොරවල් ගන්න පුළුවන් කියලා. ව්‍යාපාරයක් නෙමෙයි. ඒක වටහා ගන්න ඕනේ. බොහොම ඉවසිලිවන්තව, ශික්ෂණයකින්, හොඳට මොලේ කල්පනා කරලා යන්න ඕනේ ගමනක් මේක. මේක දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ ගමනක්.

Advertisement

නවක රංගන ශිල්පිනියන්ට දෙන්න තියෙන උපදෙස මොකක්ද?

Advertisement

මම එයාලට කියන්නේ මේ වෘත්තියෙන් ඵල නෙළාගන්න කලින් මේකේ ගැඹුරට ගිහින් බලන්න. ක්ෂේත්‍රයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන නොහිතා විෂය ප්‍රගුණ කරන්න. අපි මුල් කාලේ වැඩ කළේ බොහොම අඩු ගණන්වලට. අපිව තමයි පාන්දරම රූගත කිරීම්වලට ඇහැරවන්නේ. රූගත කිරීම් ඉවර වෙලා අපිව තමයි අවසානයට ගිහින් ඇරලවන්නේ. මේ තැනට ආවේ සෑහෙන්න කටු කාලා පොඩි තැනින් පටන් අරගෙන. දැන් ඉන්න අය පොඩ්ඩක්වත් රස්තියාදු වෙන්න කැමති නැහැ. දුක්විඳීන්න කැමති නැහැ. පරක්කු වෙන්න කැමති නැහැ. තරහා යනවා. දැන් ප්‍රවීණ මිනිස්සු ඉවසනවා අලුත් ළමයි සැප හොයනවා වැඩියි. රංගනය පැත්තෙන් හදාගන්න ඕනේ දේවල් හදාගන්න පුළුවන් තම තමන්ටම තමයි. කැපවීම වුවමනාව එක්ක මේක මොකක්ද කියලා බලන්න ඕනේ. සමහරු අව්වට යන්න කැමති නැහැ. කළුවට මේකප් කරනවාට කැමති නැහැ. නියපොතුවල ගාපු ආලේපන ඉවත් කරන්න කැමති නැහැ. මේ නිසා නවකයන්ට ක්ෂේත්‍රයේ බොහෝ දේවල් මඟහැරෙනවා. පොළොවේ පයගහලා දේවල් හොයන තරමට තමයි හමුවෙන්නේ.

Advertisement

ලැබුණු සම්මාන ගැන මතක් කළොත්?

Advertisement

සරසවිය සම්මාන උලෙළේ නැඟී එන නිළිය සම්මානය ලැබුණා. හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානය තුන් වතාවක් අරගෙන තියෙනවා. දිර්ඝ කාලයක් හොඳම නිළියට නිර්දේශ වෙලා සම්මාන ගත්තේ. නැඟී එන නිළිය, සහාය නිළිය, ජූරියේ ඇගයීම් විශේෂ සම්මාන වගේ සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. සුමති, රයිගම්, ර්‍ණඛ්ධ්ඛ් වගේ සම්මනා උලෙළවලින් සම්මාන ලැබුණා. දැන් මට තියෙන්නේ සිනමාවේ හොඳම නිළිය සම්මානයක් ගන්න තමයි.

Advertisement

කොරෝනා නිසා හැමදෙයක්ම අතරමඟ නතර වෙලා. කලාවටත් ඒක අදාළයි?

Advertisement

රටක් විදිහට එන ව්‍යසන වසංගතවලට අපට මුහුණ දෙන්න වෙනවා. හැම ක්ෂේත්‍රයක්ම වගේ කලා ක්ෂේත්‍රයේත් කඩාවැටීමක් තියෙනවා. කිසිදෙයක් සදාතනික නැහැ, අනියතයි කියලා අවබෝධ කරගන්න තියෙන හොඳම කාලයක් මේක. ටිකක් ඉවසීමෙන් මේ කාලය ගත කරන්න වෙනවා. කීයක් හරි ඉතුරු කරගන්න ඕනේ කියලා අවබෝධ වුණු කාලයක් මේක.

Advertisement

Advertisement

Advertisement

Advertisement

Advertisement

නිර්මාණි බණ්ඩාරනායක
සරසවිය

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *