ත්‍රි රෝද රථවලින් ගේම් ගහලා හමාරයි

94

දිවයින පුරා තිබෙන ත්‍රිරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුම් නිර්මාණය කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

Advertisement

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ අදහසකට අනුව මෙම යෙදවුම නිර්මාණය කර තිබේ.

Advertisement

ඕනෑම ත්‍රිරෝද රථයක හිමිකරුගේ නම, දුරකථන අංකය, චැසි අංකය සහ දැනට කුලී රථ සේවාවක යෙදේ නම් එහි විස්තර එම යෙදවුමේ සටහන් කිරීමට පියවර ගෙන තිබේ.

Advertisement

එම යෙදවුමට ඇතුළත් වූ ත්‍රිරෝද රථයක් හඳුනා ගැනීමට පහසු වන අයුරින් කිව් ආර් කේතයක් ත්‍රිරෝද රථයේ සටහන් කිරීමට පියවර ගැනිණි.

Advertisement

එමගින් යම් අයුරකින් ත්‍රිරෝද රථයක් අප රාධයකට සම්බන්ධ බව හැඟී ගියහොත් සැණෙකින් එම ත්‍රිරෝද රථයේ විස්තර පොලිස් ස්ථානවලට ලබාගැනීමට හැකිවීම මෙහි ඇති වැදගත්කමයි.

Advertisement

හේමන්ත ලියනපතිරණ

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *