BREAKING NEWS
Search

ප්ලාස්ටික් කප් හැඳි ගෑරුප්පු වලට ඉදිරියේදී තිත

176

ප්ලාස්ටික්වලින් නිපදවනු ලබන යෝගට් කප්, අයිස්ක්‍රීම් කප් ඇතුළු තවත් ප්ලාස්ටික් වර්ග කීපයක නිෂ්පාදන කටයුතු ඉදිරි සති කීපය තුළදී තහනම් කිරීමේ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත.

මේ අනුව ප්ලාස්ටික්වලින් සාදන ලද හැඳි, ගෑරුප්පු, යෝගට්, අයිස්ක්‍රීම් හැඳි ආදියද නිෂ්පාදනය කිරීම තහනම් කෙරේ.

මීට අමතරව යම්කිසි ධාරිතාවකින් පහළ පෙට් බෝතල් ආදියද තහනම් කිරීමට අවධානය යොමුවී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසයි.

ෂොපින් බෑග් සම්බන්ධ නියාමන කටයුතු විධිමත් කිරීමටද මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරියේදී පියවර ගැනීමට නියමිතය.

ෂැෂේ ඇසුරුම්, කෘමිනාශක යොදන පෙට් බෝතල්, සුළං පුරවන ලද සෙල්ලම් බඩු නිෂ්පාදනය ඉකුත් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කළේය. එහි දෙවැනි පියවර ලෙස යෝගට් කප් සහ අයිස්ක්‍රීම් කප් ආදිය නිෂ්පාදනය තහනම් කිරීමට නියමිතය.

ෂැෂේ පැකට් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ දිනවල දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බවද එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

සාලිය කුමාර ගුණසේකර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *