සෙව්වන්දි තවමත් රටම හොයනවා.
ඒ අතරේ පසුගියදා ඇගේ මව අවසන් ගමන් ගියේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටියදී.
මිය ගිය මවගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ සෙව්වන්දිගේ මව සහ ඇයගේ සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර ජූලි 11 වැනිදා සැකකාරිණියගේ මව හෘදයාබාධයක් හේතුවෙන් සිරමැදිරියේදී ජීවිතක්ෂයට පත්වුණා.
ඊයේ (14) දහවල් වන විට, මියගිය සැකකාරිණියගේ දේහය ඇයගේ කටුවැල්ලේගම ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර තිබුණා.
ඊයේ සහ අද දිනවලදී, දේහය තැන්පත් කර ඇති නිවසට සහ ආසන්න ප්‍රදේශවලට දැඩි පොලිස් ආරක්ෂාවක් සහ බුද්ධි අංශවල ආරක්ෂාවක් යොදා ඇති බවයි වාර්තා වුණේ.
මෙම ආරක්ෂක විධිවිධාන, සැකකාරිණිය වන ඉෂාර සෙව්වන්දි සොයා ගැනීමේ පොලිස් මෙහෙයුම්වලට සමගාමීව සිදු කර තිබූ බව සදහන්
















