Latest Articles
Search

කුරුලෑ ලප කැලැල් වලින් පසු තැවෙන ඔබට විසදුම් මෙන්න

161

තරුණියන් අතර තියන පොදු ගැටලුවක් තමයි කුරුලෑ කැළැල් තිබීම.අද අපි ඔබට කියන්නේ යන්නේ කොහොමද මේ කුරුලෑ කැළැල් නැති කරගන්නේ කියලා

Advertisement

කුරුලෑවක් මුහුණේ හට ගත්තම ඒක දිනකින් දෙකකින් අඩු වෙලා ගියත් ඒවයේ කැළැල් මැකෙන්න නම් ටික කාලයක් යනවා.මේක ඔබේ මනසට ගොඩක් පීඩාකාරී දෙයක්.කලු පැහැ ගැන්වුනු කැළැල් මුහුණේ තියනවට කිසිම තරුණියක් කැමති නෑ.ඉතින් මේ ගැටලුවට නිවසේදීම කරන්න පුලුවන් ප්‍රතිකාර හතරක් ගැන ඔබට කියන්න අපි හිතුවා

Advertisement

ආමන්ඩ් සහ බිත්තර සුදු මද ෆේස් පැක්

Advertisement

බිත්තර වල ඇති ප්‍රෝටීන් සම සුව කරන අතර කුරුලෑ සලකුණු අඩු කරනවා.ඒ වගේම ආමන්ඩ් මගින් සමට තෙතමනයක් ලබා දෙමින් සම පෝශණය කරන අතරම කැළැල් වලට ප්‍රතිකාර කරනවා.බිත්තර සහ ආමන්ඩ් සංයෝජනය මගින් සම පැහැපත් කරන අතර සමෙහි ඇති සිදුරු තද කිරීමක් සිදු කරනවා.

Advertisement

කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?

Advertisement
  • ආමන්ඩ් ඇට 4-5 ක් රැයක් පෙඟෙන්නට තබන්නට. පසුදා උදෑසන එය සිහින් පේස්ට් එකක් වනතුරු අඹරා ගන්න
  • බිත්තර සුදු මදයක් ගෙන එයට ආමන්ඩ් පේස්ට් එක එක් කරන්න.හොඳින් මිශ්‍ර කරන්න.
  • පසුව එය මුහුණේ හොඳින් ආලේප කර වියලෙන්නට හරින්න
  • වියලුනු පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හැර ටෝනර් ආලේප කරන්න
  • මෙම සත්කාරය සතියකට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්

තක්කාලි, පිපිඤ්ඤා සහ ලෙමන් යුෂ මාස්ක්

     

Advertisement

 

Advertisement

මෙම යුෂ වල අඩංගු එන්සයිම මගින් සමේ මැරුණු සෛල ඉවත් කරනවා.එමෙන්ම කුරුලෑ කැළැල් ඉවත් කරන අතර ඒවාට ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරනවාඒ විතරක් නෙමෙයි සමේ පැහැය වැඩි දියුණු කරනවා

Advertisement

කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?

Advertisement
  • තක්කාලි යුෂ, පිපිඤ්ඤා යුෂ සහ ලෙමන් යුෂ සමා ප්‍රමාණ වලින් ගන්න
  • ඒවා හොඳින් මිශ්‍ර කර පිරිසිදු කළ සමට උඩින් ආලේප කරන්න
  • මිනිත්තු 15 ක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න
  • ටෝනර් ආලේප කරන්න
  • හොඳ ප්‍රතිඵල සඳහා දිනපතා මෙම සත්කාරය සිදු කරන්න

දොඩම් පොතු ( orange peel ) සහ යෝගට් ෆේස් මාස්ක්

Advertisement

 

Advertisement

දොඩම් පොතු කියන්නේ විටමින් සී වලින් පොහොසත් ප්‍රභවයක්. එමගින් කුරුලෑ කැළැල් නැතිකර කර සමේ පැහැය වැඩි කරනවා.ඒ වගේම යෝගට් වලින් සමට තෙතමනය ලබාදෙන අතර කැළැල් අවම කරනවා

Advertisement

කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?

Advertisement
  • දොඩම් පොතු කුඩු මේස හැන්දක් ගන්න.තරමක් ඝන සහ සිනිඳු පේස්ට් එකක් සෑදීම සඳහා ප්‍රමාණවත් යෝගට් ප්‍රමාණයක් එයට එක් කරන්න
  • ඔබට අවශ්‍ය නම් කස්තුරි කහ ස්වල්පයක් ද එයට එක් කරන්න
  • පිරිසිදු කළ මුහුණු මත මෙම මිශ්‍රණය ගල්වා විනාඩි 20 ක් තබන්න
  • වියලුන පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හැර ටෝනර් ආලේප කරන්න
  • හොඳ ප්‍රතිඵල සඳහා මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ කරන්න

 

Advertisement

කුරුඳු, සාදික්කා සහ මී පැණි ෆේස් පැක්

Advertisement

 

Advertisement

කුරුඳු සහ සාදික්කා ඔක්සිජන් සංසරණය වැඩි දියුණු කරනවා.ඒ වගේම කුරුලෑ කැළැල් අඩු කර සම පැහැපත් කරනවා.මී පැණි මගින් සමට ප්‍රතිබැක්ටීරීයා ගුණ ලබා දෙන අතරම සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම පෝශණය කරනවා

Advertisement

කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?

Advertisement
  • කුරුඳු හා සාදික්කා කුඩු තේ හැන්ද බැගින් ගන්න
  • එයට මී පැණි තේ හැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
  • පිරිසිදු කල හා තෙත් සම මත මෙම ෆේස් පැක් එක හොඳින් ගල්වා ගන්න
  • මිනිත්තු 10-15 ක් තබා සාමාන්‍ය වතුරෙන් සෝදා හැර ටෝනර් ආලේප කරන්න
  • හොඳ ප්‍රතිඵල සඳහා අවම වශයෙන් සතියකට දෙවරක් වත් මෙම සත්කාරය කරන්න

 

Advertisement

විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු ..

මෙම සත්කාර වලින් ඔබේ සමේ ස්භාවයට ගැලපෙන සත්කාරය තෝරාගෙන කරන්න ඔබට පුලුවන්.
ඒ වගේම ඊට පෙර මෙම අමුද්‍රව්‍ය වලින් ඔබට යම්කිසි ආසාත්මිකතාවක් තියනවද කියලත් පරික්ශා කරලා බලන්න ඔබ අමතක කරන්න එපා.
ඒ වගේම මේ ආලේපන ඇසට ඉතාම කිට්ටු ප්‍රදේශ වල ආලේප කිරීමෙන් වලකින්න. මොකද දෑස් අවට ප්‍රදේශය ඉතාම සංවේදී නිසා මේ ස්භාවික ආලේපන වලින් වුනත් ඇසට හානි වෙන්න පුලුවන් .

Advertisement

ඉතින් ඉහත කරුණු ගැනත් අවදානයක් යොමු කරමින් මේ සත්කාර නිසි පරිදි කලොත් සමේ කුරුලෑ ලප ඉක්මනින් ඉවත් කර ගන්න ඔබට පුලුවන් . නිකැළැල් සමක බලාපොරොත්තු වෙන ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා

Advertisement

– අන්තර්ජාලය ඇසුරිනි –

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *