පුනරුද ආණ්ඩුවේ පාලන කාලය තුළ මාස හතකටත් අඩු කාලයකදී ලුණු මල්ලක මිල රුපියල් 400 ඉක්මවා ගොස් ඇති බව හිටපු වෙළඳ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය;
“ලුණු මල්ලක මිල රුපියල් 60 දක්වා ඉහළ යාමට වසර 76ක් ගත වුවත්, පුනරුද ආණ්ඩුව යටතේ මාස හතකින් එය රුපියල් 400 ඉක්මවා ගොස් තිබෙනවා. ලුණු හිඟයට පෙර ආණ්ඩුවට දොස් පවරන නලින් හේවගේ, ඔහුගේ බිරිඳ ගැබ් ගත්තොත් ඒත් පෙර ආණ්ඩුවට පටවන්න ඉඩ තිබෙනවා.
සුනිල් හඳුන්නෙත්ති මහතා මාස දෙකකට පෙර ආරම්භ කළා යැයි කී ලුණු කම්හලට මොකද වුණේ? ඒක වසා දැමුවාද? මේ ආණ්ඩුව කතාවෙන් විතරයි, ක්‍රියාවෙන් නම් නැහැ” යනුවෙන් විමල් වීරවංශ මහතා විවේචනාත්මකව සඳහන් කළේය.


















