රූ රැජිණ තරග කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය අර්ථවත් විදිහට ඉස්මතු කරන හැටි ලෝකයට විදහාපාන එක් අවස්ථාවක් .
මේ වැකියේ යථාර්ථය අද කාලයේ නම් කෙසේ වෙතත් කාලාන්තරයක් පටන්ම රූ රැජින තරඟ ලෝකයේ පැවැත්වූවා .ඒ අතරින් රෝසි සේනානායක කැරලයින් ජූරි ආදී කාන්තාවන්ලෝක විවාහක රූ රැජිණන් හැටියට අපේ රටන් බිහිවුණා .
අපේ අසල්වැසි ඉන්දියාව රූ රැජින තරග වලින් විශාල ජයග්‍රාහිකාවන් ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා . ආසියාතික කාන්තාවකගේ සුන්දරත්වය ශක්තිමත් බව වර්ණවත් සම සහ කළු කොණ්ඩයේ ඇති ලස්සන ලෝකයටම විදහාපාන අවස්ථාවක් හැටියට මේ ජයග්‍රහණ හඳුන්වන්න පුළුවන්.ඒ නිසා දකුණු ආසියාව ලෝකයේ සුන්දරම කාන්තාවන් ඉන්න කලාපයක් හැටියට ප්‍රසිද්ධයි .
රූප රැජින තරගයක පරමාර්ථය කාන්තාවකගේ ලස්සන පමණක්ම නොවේ. ඔවුන්ගේ ශක්තිමත් බව ,බුද්ධිමත්කම , තැනට සුදුසු නුවණ හැසිරීම ,වැදගත්කම සමාජයට වෙන සේවය ආදී ගොඩක් කරුණු කාරණා සොයා බැලෙනවා . ඒ නිසා රූ රැජිණක් කියන්නේ තමන්ගේ රට ලෝකයට ඉදිරිපත් කරන අන්තර්ජාතික නියෝජනයක් . තමන්ගෙ රට සාඩම්බරයට පත් කරන්න හෝ නොකරන්න රූ රැජිනකට හරි පහසුයි.
ලෝකය පුරා විවිධ අර්ථ ඇතිව තරග පැවැත් වුවත් ශරීර පෙනුම මත මේ තරඟ පැවැත්වීම ,ශරීර පෙනුම උස කොට මහත ආදී ශාරීරික ලක්ෂණ මත අහිතකර ලෙස එකිනෙකා විනිශ්චය කර ගැනීම, කාන්තාවන් අතර ඇතිවෙන අහිතකර තරගකාරීත්වය ,පුද්ගලික මට්ටමකට යන ඇනකොටා ගැනීම් ගොඩක් දුරට දියුණු ලෝකේ විවේචනයට ලක්වෙලා තියෙනවා .සමහර යල්පැන ගිය නීතිරීති ඒවාට හේතු හැටියට විචාරකයෝ දක්වනවා. ඒ නිසා රූ රැජින තරග අනාගතයේදී පැවැත්වී ද කියලත් සැකයි .
මේ කරුණු කාරණා විවේචන කෙසේ වෙතත් රූරැජිනක් කියන්නේ එදත් අදත් ලෝකයේ ගොඩක්ම අවධානයකට ලක් වෙන සුන්දර දෙයක්.
ආසියාවේ සුන්දරම කාන්තාවන් සිටිනවා යයි ප්‍රසිද්ධ අපේ අසල්වැසි ඉන්දියාවෙන් බිහිවුණු ප්‍රසිද්ධ රූ රැජිණන් කීප දෙනෙක් මේ .මොවුන් අතරින් ගොඩක් අය බොලිවුඞ් සිනමාවට සම්ප්‍රාප්ත වෙලා තියෙනවා.මේ අතරින් ගොඩක්ම සුවිශේෂ වන්නේ ලෝකයේ සුන්දරම කාන්තාව හැටියට අදටත් ජනප්‍රිය Aishwarya rai ඉන්දියාවෙන් බිහි වීමයි.
තවද 2000 වර්ෂය ඉන්දියාවේ රූ රැජිණ ඉතිහාසයට අතිශය සුවිශේෂී වර්ෂයක් . ඔවුන් ඒ වසරේ දී මිස් යුනිවර්ස් මිස් world සහ Miss Asia pacific යන ජාත්‍යන්තර කිරුළු තුනම දිනා ගැනීමට සමත් වුණා. Miss Universe තරගාවලියකදී එදා එදාමෙදා තුර ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් තරගකාරිය හැටියට ඒ වර්ෂයේ ජයග්‍රාහිකාව Lara dutta ඉතිහාසගත වෙනවා . ඇයගේ ලකුණු සාමාන්‍ය 9.99.ඉතින් ඉන්දියාව මේ සම්බන්ධයෙන් කොච්චර උසස් මට්ටමක සිටිනවා ද කියලා එතනින්ම අපිට වැටහෙනවා.
රූ රැජිණක් බවට පත්වීමේ සංකල්පය ඉන්දියාවේ තරුණියන් අතර කිඳා බැසගත් සිහිනයක් බවට පත්වෙලා. කොටින්ම එය වෙනවම industry එකක්.ඒ වගේම වඩාත්ම වැදගත්ම දේ නම් තමන්ගෙ ජීවිතය විවිධාකාර වලින් ජයගත් මේ රූ රැජිනන් ලෝකයේ ඉන්දියාව කියන නම ඉතාමත් සුන්දරව සලකුණක් ලෙස තබා තියෙනවා.ඒ නිසාම ඔවුන් අදටත් ඉන්දියාවේ ජනතාවගේ නොමද ගෞරවය හා ආදරය ලබන අය.එය අපිටත් සිතන්න යමක් ඉතුරු කරනවා
1966 Rita Faria – Miss world

1970 Zeenat Amman -Miss Asia pacific

1994 Sushmita Sen – Miss Universe

1994 Aishwarya Rai – Miss world

1997 Diana Hayden – Miss world

1999 Yktha mukhi – Miss world

2000- Lara dutta – Miss universe

2000- Priyanka Chopra- Miss world

2000 – Dia Mirza – Miss Asia pacific

2010 Nichole Faria -Miss Earth.

2017 Manushi chillar- Miss world

















