Latest Articles
Search

රාජ්‍ය සේවකයින් හට විශේෂ දැනුම් දීමක්

348

කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය ආයතනවල සේවකයින් කැඳවන ආකාරය ලබන සතියේ දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි ප්‍රකාශ කළා.

Advertisement

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති පොදු මාර්ගෝපදේශ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

Advertisement

ඒ සම්බන්ධයෙන් තමන් ඊයේ (23) දිනයේ ජනාධිපති ලේකම්වරයා සමඟ ද සාකච්ඡා කළ බවයි ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.

Advertisement

තුන්වන අවදානම් මට්ටම මත පදනම්ව ලබන මැයි 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් සිදු කළයුතු ආකාරය සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (23) ප්‍රකාශයට පත් කළා.

Advertisement

එහි දැක්වෙන්නේ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවලට අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව සමග කටයුතු කිරීමට අවසර ඇති අතර, හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවයි.

Advertisement

දිවාසුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල් මෙන්ම පාසල් සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකි බවද අදාල මාර්ගෝපදේශ වල දැක්වෙනවා.

Advertisement

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ පාසල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ක්‍රමවේද ශක්තිමත් කළ යුතු බවයි.

Advertisement

ලබන මස 31 වනදා දක්වා කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන, ළමා උද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, ගෘහස්ථ උත්සව සහ එළිමහන් උත්සව, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති වසා දැමිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ නිකුත් කළ පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ වල ඇතුළත්

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *