Latest Articles
Search

දිමුත් නොදැවී 207..ධනංජය නොදැවී 144 – කලකට පසු ශ්‍රීලංකා කණ්ඩායමෙන් සුපිරි දස්කම්..!

149

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (24 දා) දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට කඩුලු රැක ගත් දිමුත්කරුණාරත්න සහ ධනංජය ද සිල්වා අවධානම් කළාපය හේවත් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවධානමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුදවා ගනු ලැබුවේය.

Advertisement

ඒ උදෑසන වරුවේ තරගය ක්‍රියාත්මක මිනිත්තු 135 ක කාලය තුළදී කඩුලු ආරක්ෂා කරගත් වමත්,දකුණත් පිතිකරු යුගලය තවත් ලකුණු 102 ක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3 ට ලකුණු 331 ක් දක්වා රැගෙන ආවේ ශ්‍රීලංකාව තවත් ඔසවමිනි.

Advertisement

අද උදෑසන කාලයේ සිදුවූ විශේෂතම සිදුවීම බවට පත්වූයේ ශ්‍රී ලංකා නායකයා සිය 11 වැනි ශතකය වාර්තා කර ගැනීමට සමත්වීමයි. බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද දෙවැනි ශතකය බවට පත්වූ කරුණාරත්නගේ ශතකයත් ධනංජය ද සිල්වා ලබා ගත් ලකුණු 74 ත් හේතුවෙන් සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය 141 ක් දක්වා ඉහළ නැංවිණ.

Advertisement

පළමු පන්දුවේදීම ලකුණු 3 ක් ලබා ගනිමින් දිනය ඇරැඹූ කරුණාරත්න සහ ධනංජය කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කළහ. ලකුණු 99 ක් ලබා සිටි අවස්ථාවේදී තරමක් සංසුන් වුණු දිමුත් ශතකය ලබා ගැනීම සඳහා තවත් පන්දු 9 ක් වැය කළේය. මුහුණ දුන් 274 වැනි පන්දුවේදී ශ්‍රී ලංකා නායකයා ශතකය සම්පූර්ණ කරගන්නා විට ලකුණු 32 ක් පමණක් හතරේ පහර වලින් ලබාගෙන තිබූ ඒවා වූ අතර ඉතිරි ලකුණු 68 ම කඩුලු අතර දිව යමින් ලබාගත් ඒවා විය.

Advertisement

දිමුත්ට පෙර බංග්ලාදේශ නායක මොමිනුල් හක්ද මෙම තරගයේදී 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ බැවින් එකම තරගයකදී දෙපිළේ නායකයින් 11 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වීම මෙම තරගයේ විශේෂත්වයක් ලෙසින් හැඳින්විය හැක.

Advertisement

දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට දිමුත් කරුණාරත්න ලකුණු 139 ක්ද ධනංජය ද සිල්වා ලකුණු 74 ක්ද ලබා සිටිති.

Advertisement

එමෙන්ම මේ වනවිට දිමුත් කරුණාරත්න තම දිව්ත්ව ශතකය වාර්තා කරමින් නොදැවී ලකුනු 207ක් රැස් කරගෙන සිටින අතර ධනංජය ද සිල්වා නොදැවී ළකුණු 144ක් රැස් කරගෙන සිටිනවා.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *