BREAKING NEWS
Search

අලුත් අවුරුද්දට ඔස්ට්‍රේලියාවෙන් සුපිරි පරිප්පුවක්

181
එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් උසස් තත්ත්වයේ ඔස්ට්‍රේලියානු පරිප්පු තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) කොළඹ වරාය පරිශ්‍රයේ සිට වීඩියෝවක් නිකුත් කරමින් මේ බව පවසා සිටියා.

“ලොව හොඳම පරිප්පු ව්‍යංජනයේ රස බැලීමට ශ්‍රී ලාංකිකයන්ට මෙම උත්සව සමයේදීත් අවස්ථාව ලැබෙනු ඇත” යනුවෙනුයි ඔහු එහිදී පවසා සිටියේ.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන පරිප්පු අඛණ්ඩව සැපයීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බවත් මෙම සැපයුම හරහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව‍යි මහ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *