BREAKING NEWS
Search

ජනප්‍රිය නිලියක් අත්අඩංගුවට

6974

ඉන්දීය රංගන ශිල්පිනී නන්දිනි කාශ්‍යප් ගුවහාටි පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇය පැදවූ බව කියන මෝටර් රථයක ගැටීමෙන් 21 හැවිරිදි සිසුවෙක් මියයාමේ සිදුවීමට සම්බන්ධවයි.

පසුගිය 25 වැනිදා දින අලුයම 3.00ට පමණ ගුවහාටිහි දඛින්ගාඕන් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

රංගන ශිල්පිනිය මෙම අනතුර සිදු කර පලා යන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

අනතුරෙන් පසු, සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ මියගොස් තිබේ.

මියගිය සිසුවාගේ පවුලේ ඥාතීන් සදහන් කළේ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ හිසට දරුණු ලෙස තුවාල සිදුවී ඇති බවත් ඔහුගේ කකුල් දෙකෙහිම අස්ථි බිඳීම් සිදුවී තිබූ බවත් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *