BREAKING NEWS
Search

සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක්..

479
ඉඳහිට මොහු ගැන විවිධ දේ අහන්න දකින්න ලැබෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ අද ඔහු ගැන අහන්න ලැබුණු පුවතක්..

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට අපහාසාත්මකවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් යූටියුබ්කරුවකුවන සුදත්ත තිලකසිරිට එරෙහිව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් අද වාරණ නියෝගයක් නිකුත් කළා.

එම වාරණ නියෝගය අගෝස්තු මස 07 වැනිදා දක්වා බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණා.

එදින මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස විත්තිකාර සුදත්ත තිලකසිරි වෙත නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියම කළා.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විසින් සිය සේවා දායකයාට එරෙහිව අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කර තිබෙන බවත්, එවැනි අනීතික කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *