BREAKING NEWS
Search

මස්ක්ගේ X බිඳ වැටෙයි

62

එලොන් මස්ක්ට අයත් X සමාජ මාධ්‍ය වේදිකාව ලොව පුරා හදිසි බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය 22 වැනි දින ආරම්භ වූ ප්‍රධාන ඇනහිටිමක ප්‍රතිවිපාකයන්හී තවත් එක් අදියරක් ලෙස ලොව පුරා පරිශීලකයින් රැසකට X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීමේදී විවිධ ගැටළු ඇතිව ඇති බවය.

පරිශීලකයින් රැසකට සෘජු පණිවිඩ නොලැබීම, සටහන් යොමු කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති අතර පරිගණක සහ ජංගම දුරකථන උපාංග දෙකෙහිම X ගිණුම් ගැටළු වාර්තා වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *