BREAKING NEWS
Search

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)

752

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මේ වනවිට ඇයගේ මාදිවෙල පිහිටි නිවස වෙත සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබුවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම මියයන විට ඇය 78 වන වියේ පසුවුණා.

අභාවප්‍රාප්ත රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ දේහය අද ඇයගේ මාදිවෙල පිහිටි නිවසෙහි ඥාතීන් සහ හිත මිත්‍රාදීන්ගේ අවසන් ගෞරවය සඳහා තැම්පත් කෙරෙන අතර, හෙට උදෑසන 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කෙරෙනු ඇති.

අනතුරුව අවසන් කටයුතු අනිද්දා (26) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *