මහාධිකරණ විනිසුරුවරියකට අමුතු කෙටි පණිවිඩ යැවූ නීතිඥවරයාට වෙච්ච දේ

215

මහාධිකරණ විනිසුරුවරියක් ලිංගික හිංසනයට ලක් වන අයුරින් කෙටි පණිවුඩ යැවු නීතීඥවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ කෙටි පණිවුඩ යවා ඇත්තේ මැසෙන්ජර් සමාජ මාධ්‍ය හරහායි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හලාවත ප්‍රදේශයේ දී අඳාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරිය 2022 වසරේ දී අදාළ නීතීඥවරයා විසින් තමා ලිංගික හිංසනයට ලක් වන ලෙස මැසෙන්ජර් ඔස්සේ කෙටි පණිවුඩ යොමුකළ බවට පැමිණිලි කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමෙන් පසු පොලීසිය මේ පිළිබඳව නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත.

එහිදී සැකකරුගේ ක්‍රියාව ලිංගික අතවර කිරීමේ චෝදනා යටතට ගැනෙන බැවින් ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙසේ අත්අඩංගුවට ගත් අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

source :hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *