BREAKING NEWS
Search

දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අනතුරකින් තිදෙනෙක් මරුට

145

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී සිදුවූ අනතුරකින් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

සිකුරාදා උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටී තිබේ.

ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබුණි.

මේ වනවිට සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *