BREAKING NEWS
Search

කටුනායකම සලිත කරමින් නිවසටම ඇවිත් කළ බිහිසුණු වෙඩි තැබීමේ සුල මුල හෙළිවෙයි…

635

කටුනායක – හීනටියන ප්‍රදේශයේදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් අද උදෑසන පුද්ගලයෙකු තුවාල ලැබුවා.

පොලිසිය සඳහන් කළේ පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සැක කෙරෙන බවයි.

කටුනායක – හීනටියන – ඉහළ මැණ්ඩිය ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 29 හැවිරිදි කාලිංග උදාර චතුරංග නැමැති අයෙක්.

පොලිසිය සඳහන් කළේ අදාළ තරුණයා සිය නිවසේ සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

අද උදෑසන 6ට පමණ යතුරුපැදියකින් දෙදෙනෙකු නිවසට පැමිණ ඇති අතර වෙඩික්කරු එම තරුණයාගේ නිදන කාමරයටම ගොස් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

වෙඩි වැදුණු තරුණයා එම නිවසේ පියා සමග පමණක් වාසය කර තිබු අතර ඔහුගේ මව කලකට ඉහතදී මියගොස් ඇති බවත් සඳහන්.

පොලිසිය සැක පළ කරන්නේ ටී 56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි.

මුහුණු ප්‍රදේශයට සහ වම් උරහිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තුවාල ලැබූ කාලිංග මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම තරුණයා මීට පෙර පොලියට මුදල් ලබා දුන් අයෙක් බවත් සඳහන්.

සිද්ධිය වූ ස්ථානයට විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණා.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් මිනුවන්ගොඩ දෙසට පලා ගිය බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් සොයා මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශන ක්‍රියාත්මක බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *