BREAKING NEWS
Search

තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර

301

ගලෙන්බිදුණුවැව,කැකිරාව මාර්ගයේ යකල්ල 22 කණුව ආසන්නයේදි සිදුවු යතුරැ පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු අද පස්වරැවේදි මියගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හුරුළු  සිටි එච්.එම්.ඉෂාර අචින්ත හේරත්(20) හා ඩබ්ලිව්.ඒ.ජානක සම්පත් (31)නැමති පුද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම පුද්ගලයන් දෙදෙනා මෙදින සේවය නිමවා කැකිරාව දෙස සිට සිය නිවෙස්වලට යතුරු පැදියෙන් එමින් සිටියදි යකල්ල 22 කණුව ආසන්නයේදි යතුරු පැදියේ වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිවෙසක තාප්පයක ගැටි බරපතල තුවාල ලබා යකල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.එහිදි ඔවුන් මිය ගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *