BREAKING NEWS
Search

රෝහල්ගත කළ උඩුනුවර ප්‍රාදේශීය ලේකම්වරයා හදිසියේ මියයයි

511

පාද දෙකෙහි ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් ආර්.ටි.බි. සුමනසේකර හදිසියේ ජිවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය 53 හැවිරිදි ගම්පොල ජයමාලපුර ප්‍රදේශයේ පදිංචි ප්‍රාදේශීය ලේකම්වරයාගේ මරණය සැක සහිත බවයි ඔහුගේ පුත්‍රයා මහනුවර මුලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ.

එහීදි ඔහු පවසා ඇත්තේ තම පියා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ලබා දුන් එන්නතකින් පසු මියගිය බවයි.

මියගිය පුද්ගලයා ගම්පොල මුලික රෝහලට ඇතුලත් කර තිබුනේ පසුගිය 19 වැනිදා රාත්‍රියේ වන අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප කල විමසීමකදී මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කල බවද ඇය කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *