BREAKING NEWS
Search

බස් රථ 3ක බෝම්බ පිපිරීමක්. තවත් දෙකක බෝම්බ සොයා ගනී

6114

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.

කෙසේ නමුත්, එම පිපිරීම්වලට හසුවී සිදුවුණු ජීවිත හානි ගැන හෝ තුවාල ලැබූවන් ගැන කිසිවක් වාර්තා නොවෙයි. එම පිපිරීම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

පිපිරීම්වලින් පසු තවත් බස් රථ දෙකක අටවා තිබුණු පුපුරන ද්‍රව්‍ය පුපුරා යෑමට කලින් සොයා නිෂ්ක්‍රීය කිරීමට පොලිසිය සමත් විය.

නගරයේ සියලු පොදු ප්‍රවාහන සේවා නතර කර, පුපුරන ද්‍රව්‍ය ඇතිදැයි සෝදිසි කිරීමට ප්‍රවාහන අමාත්‍ය මීරි රෙගේව් උපදෙස් දුන් බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *