ගලහා ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පුහුණුවීම් කළ සිසුන් කිහිපදෙනෙකු ගලහා ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ පවතින අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන්.
එහිදී අසාධ්‍ය තත්ත්වයේ සිටි සිසුන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමටයි පියවර ගැනුණේ.
කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දෙමාපියන් පැමිණ සිසුන් රැගෙන ගොස් තිබෙනවා.
මේ අතර, අධික උණුසුම් කාලගුණ තත්ත්වය මත පාසල් ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊයේ නිර්දේශ නිකුත් කළා




















